
ගුගල් වලින් "Sex" සොයා ලංකාව පළමු තැනට..
අප්‍රේල් , දෙසැම්බර් නිවාඩු සමයේ වැඩිම සෙවුම් ප්‍රමාණයක්.
අන්තර්ජාලයේ ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගූගල් සෙවුම් යන්ත්‍රයේ (Google) ලිංගිකත්වය හෙවත් (SEX) යන වචනය ඇතුළත් කර වැඩි වශයෙන් ඒ පිළිබඳ කරුණු සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි නවතම සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.
2012 වසරට අදාළව ගූගල් ආයතනය විසින් මෙම සමීක්ෂණය කර ඇති අතර මේ යටතේ 02 වැනි ස්ථානය හිමිව ඇත්තේ අසල්වැසි ඉන්දියාවටය.
ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් ලිංගිකත්වයට අදාළ කරුණු වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින් සොයා ඇත්තේ 2012.04.15 වැනිදා සිට 21 සතියේදී හා 2012.12.23 සිට 29 අතර දැනට ගතවන සතියේදී බව සමීක්ෂණයේදී අනාවරණය වී ඇත.
එම සති දෙක වසරේ නිවාඩු සහිත වසර 2ක් බව පැහැදිළිය.
එසේම ඉන්දියාවේ 2012.11.11 සිට 17 දක්වා අතර සතියේදී මෙන්ම 2012.10.21 සිට 27 දක්වා සතියේදී ශ්‍රී ලාංකිකයින්ට වඩා මේ පිළිබඳ තොරුතුරු ගවේෂණය කර තිබේ.
තවද ඒ පිළිබඳව වැඩි වශයෙන් තොරුතුරු සොයා ඇති රටවලින් ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් පෙරමුණ ගෙන තිබීමද විශේෂත්වයකි.
ඒ අනුව බැංගලෝර්, චෙන්නායි, පූනේ, නවදිල්ලි හා කල්කටා යන නගර ඉදිරියෙන් සිටියි.
එසේම පාකිස්තානයේ ලාහෝර් නගරය ද එකී පිළිවෙළේ ඉදිරියෙන් සිටින බව ගූගල් ආයතනය කළ සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.
ලංකාව තැබූ වාර්තාව දැක්වෙන සමීක්ෂණ දත්ත කිහිපයක් පහතින්
Google trend වාර්තාව මෙතනින්
එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 මෙසේය.
01 ශ්‍රී ලංකාව
02 ඉන්දියාව
03 පැපුවා නිව් ගිනියාව
04 ඉතියෝපියාව
05 පාකිස්තානය
06 බංගලාදේශය
07 වියට්නාමය
08 නේපාලය
09 සෝමාලියාව
10 කාම්බෝජය