
තවත් දැරියක් දිවි නසා ගනී..
සන්සුන්වන්නැයි ඉන්දීය අගමැති ඉල්ලයි..
ඉන්දියාවම කැළැඹූ සමූහ ස්ත්‍රීදූෂණ මිනීමැරුම
වෛද්‍ය ශිෂ්‍යා නිර්භීතා බඳින්න හිටියේ ලබන පෙබරවාරියේලූ
පසුගිය දෙසැම්බර් 16 වැනිදා පුද්ගලයින් කිහිප දෙනෙකු අතින් බස් රථයක් තුළදී අමානුෂික ලෙස දූෂණයට ලක්වු ඉන්දියාවේ දිල්ලි සරසවියේ ඉගෙනු ලැබු වෛද්‍ය සිසුවිය සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් තිබේ.
පසුගියදා සිදුවු මෙම සිද්ධිය ඉන්දියාවේ පමණක් ලොව පුරා මහත් ආන්දෝලනයකට ලක්වු සිද්ධියක් බවට පත්විය.
ඒ අනුව එකී සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ සිටි ඇය සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.
අද අලුයම 4.45 ට පමණ ඇය මියගොස් ඇති බව එම රෝහල නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව විදෙස් වාර්තා පවසයි.
දූෂණයට ලක්ව බරපතළ තත්ත්වයේ පසුවූ 23 හැවිරිදි එම ශිෂ්‍යාවට ඉන්දියාවේ දිල්ලි හිදී ශල්‍යකර්ම 03 ක් සිදුකර තිබේ.
එමගින් සුවය නොලැබූ ඇය වෛද්‍ය නිර්දේශ මත පසුගිය බ්‍රහස්පතින්දා සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කෙරිණ.
23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී මියුනිර්කා සිට දේවර්කා ප්‍රදේශය දක්වා යාමට බස් රථයකට ගොඩ වී ඇත.
බස් රථයට ගොස් වාඩි වී ටික වෙලාවකින් බස් රථය සුපුරුදු මාර්ගයෙන් ඉවතට ගොස් වෙනත් මාර්ගයක ගමන් කර ඇති අතර බස් රථයේ දොරවල් දෙකඩ වසා ඇත.
මේ ගැන සැක සිතූ වෛද්‍ය ශිෂ්‍යාව එයට විරෝධය පෑමේදී බස් රථ සහයක විසින් ඇයව බස් රථයේ පිටුපසට ගෙනගොස් ඇති අතර ඇයගේ පෙම්වතා එයට විරුද්ධ වීමේදී ඔහුට යකඩ පොල්ලකින් පහරදී බිම දමා ඇත .
ඉන් පසු බස් රථයේ සිටි බස් රථයේ රියදුරු, රියදුරු ගේ, සොහොයුරා රියදුරු සහයක ඇතුළු හය දෙනෙකු විසින් එම වෛද්‍ය ශිෂ්‍යාව කෘර ලෙස දුෂණයට ලක්කර ඇත.
එම කෘර ලෙස දුෂණය කිරීමේදී බස් රථය තුල තිබු "එල් හැඩයේ" වීල් ජැක් එකක් ඇගේ ලිංගික අවයව වලට ඇතුළු කිරීම හේතුවෙන් ඇගේ යටි බඩ , බඩවැල් , ලිංගික අවයවයන දැඩිලෙස තුවාල වී තිබේ.
පැය 4ක කාලයක් තිස්සේ මාරුවෙන් මාරුවට දුෂණය කිරීමන් පසු වෛද්‍ය ශියාව හා ඇගේ පෙම්වතා දිල්ලි නගරයේ විදියක දමා ගොස් සිටි අතර උදෑසන එම යුවල සිහිමද ගතියෙන් සිටිද්දී සොයාගෙන ඇත.
පසුව ඉන්දියානු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඇයට ශල්‍යකර්ම 3ක් පමන සිදු කල අතර වැඩි දුර ප්‍රතිකාර කිරීම සඳහා පෙරේදා සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇය ගෙනගියා.
දින 13 ක් පුරාවට තම ජීවිතය වෙනුවෙන් සටන් වැදී එම ශිෂ්‍යාව අද අලුයම සදහටම දෙනෙත් පියාගත්තාය.
ඇයව බේරා ගැනීමට සියලු ප්‍රතිකාර සිදු කර ඇතත් ඇය මිගොස් තිබුනේ දුෂණය කිරීම අතරතුරදී ලබාදුන් කෘර වදහිංසා වලින් අවයව වලට හානි පැමිණීම නිසාවෙනි.
ඉන්දියාවේ මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවක් නිරුවත් කිරීමට සැරසෙන වීඩියෝවක් මීට පෙර අප ගෙන ආ අතර ඉන්දියාවේ කාන්තාවන් දූෂණයට ලක්වීම ඉන්දියාවේ මෙන්ම ලංකාවේද වර්ධනය වී තිබෙනවා.
එම සිද්ධියට සහ එහිදී පොලිසිය ගනු ලැබූ ක්‍රියාමාර්ගයට එරෙහිව දිල්ලි නගරය සහ තවත් ප්‍රදේශ කිහිපයක දැවැන්ත විරෝධතා ද පැවැත්විණ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධිය පිළිබඳව දැඩි ලෙස කම්පාවට පත්වන ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං මහතා පවසා ඇත්තේ මේ අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.
බිහිසුණු අත්දැකීමට මුහුණදුන් ඇගේ පෙම්වතා28 හැවිරිදි ඔහුත් මේ තරුණියත් අතර විවාහය ලබන පෙබරවාරියේ සිදු කරන්නට සියලූ කටයුතු සැලසුම් කර තිබූ බවද ඇගේ සොයුරා මාධ්‍ය වෙත දන්වා තිබුණා.
මේ අතර දිල්ලියේ සමූහ දුෂණ සිද්ධියට විරුද්ධ උද්ඝෝෂණ පැතිර යන අතරතුර ලිංගික අපචාරයකට ලක්වූ තවත් දැරියක් පොලීසියේ හා සැකකරුවන් ගේ බලපෑම් නිසා දිවි නසා ගෙන ඇත.
නොවැම්බර් 13 වනදා දීපවාලි උත්සවය දින ඇය දුෂණයට ලක්ව ඇති අතර බදාදා රාත්‍රියේ වස වර්ගයක් පානය කිරීමෙන් සිය දිවි හානි කරගෙන ඇත. ඒ වන තෙක් කිසිදු පියවරක් නොගෙන සිටි පොලීසිය ඇයගේ මරණයෙන් පසුව තිදෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.
ඉන්ස්පෙක්ටර් ජනරාල් පරම්ජිත් සිං ගිල් කියා ඇත්තේ ඇයගේ පැමිණිල්ල පිලිබඳ නිසි ක්‍රියා මාර්ග ගැනීමට පොලීසිය අපොහොසත්ව ඇති බවත් පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස එක් නිලධාරියෙක් ඇයට බල කර ඇති බවත්ය. දැනට එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තිදෙනෙකු ගේ සේවය අත් හිටවා ඇත.
ඉන්දියානු භෘඔඪ ජාලය වෙත දුෂණයට ලක්වූ දැරියගේ සොහොයුරිය කියා ඇත්තේ පොලීසිය විසින් මුදල් ලබා ගෙන හෝ දුෂකයෙක් විවාහ කරගෙන සිද්ධිය අතහැර දමන ලෙස ඇයට දැඩි පීඩනයක් එල්ල කල බවයි. ඉන්දියාවේ සමාජ ව්‍යූහය මේ ඛේදාන්තයට මූලික වී ඇත.
දැරිය පහත් යයි සැලකෙන කුලයකට අයත් වන අතර දුෂකයන් ලෙස ඇයගේ අවසන් ලිපියේ නම් සඳහන් ගර්ප්රිට් සිං, බල්වින්දර් සිං සහ ශින්දර්පාල් කවුර් උසස් යයි කියන පෙලපතකට අයත්ය.
මේ සිද්ධි පිලිබඳ තමන් ඉතා තදින් සිටින බවත් ගත හැකි සියළු ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්නා බවත් අමාත්‍ය රංජිත් ප්‍රතාප් නරේන්සිං පවසයි. කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය වැලැක්වීමේ පියවරක් ලෙස ඉන්දියානු අධිකාරීන් චූදිතයන්ගේ නම් ගම් අන්තර්ජාලයේ පල කිරීමට තීරණය කර ඇත.
ඉන්දියාවේ ප්රචණ්ඩ ක්‍රියා 256329 කින් 228650 ක්ම කාන්තාවන්ට එරෙහි ඒවා බව වාර්තා වල දැක්වේ. මෙම අගයන් මීටත් වඩා වැඩි විය හැක්කේ පොලීසිය පිලිබඳ විශ්වාසය අඩුවීමෙන් කාන්තාවන් පැමිණිලි ඉදිරිපත් නොකරන බැවිනි.
ඉහත සිදුවීමට සමාන සිදුවීමකට ලාංකීය පාසැල් සිසුවියක් මීට වසර 2කට පෙර මුහුන දුන්නේ පිටකොටුවේදී බස් රථයක් තුලදීය. ඇයව දූෂණය කර තිබුනේ රියදුරු හා කොන්දොස්තර විසිනි. ඒ පොහොය දිනයකදීය.
තවද, පසුගිය අප්‍රේල් මාසයේ අනුරාධපුරය සිට හොරොව්පතාන දක්වා ගමන් ගත් ලංකා ගමනාගමන මණඩලයට අයත් බස් රථයක් තුලදී රාත්‍රී 9.30 ට පමණ 22 හැවිරිදි තරුණියක් ලිංගික අතවරයට ලක්වුනේ එහි කොන්දොස්තර වරයාගෙනි.
-සම්බන්ධිත පුවත්-
ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී