Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ටෝනි ගේ‍්‍රග් ජීවිත ඉනිම හමාර කරයි..

ක්‍රිකට් විස්තර විචාරකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් වු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රේග් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 66 හැවිරිදි වියේ පසුවු ‍ඔහු පෙනහළු පිළිකාවකින් පෙළුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දකුණු අප‍්‍රිකාවේ ක්වීන්ස්ටවුන් හිදී 1946 වසරේ දී ඔක්තෝම්බර් මස 06 වැනි දා උපත ලැබූ ගේ‍්‍රග් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 58ට සහ එක්දින තරග 22ට කී‍්‍රඩා කර තිබේ.
1977 වසරේ දී ක‍්‍රීඩාවෙන් සමුගත් ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර විචාරකයෙකු වශයෙන් ලොව පුරා ක‍්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්විය.

කෙසේ හෝ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඉකුත් අගෝස්තු හා සැප්තැම්බර් අතර ඩුබායි හීදි පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙළුණු බව අනාවරණය විය.

මුල්වර එම රෝග තත්ත්වය ස්වාස නාලිකා රෝගයක් ලෙස හඳුනාගත් නමුදු ඔහුගේ දකුණු පෙනහල්ලේ කුඩා ගැටිත්තක් (තුවාලයක්) වැනි තත්ත්වයක් දක්නට ඇතැයි නිරීක්ෂණය වී ඇත.

ඒ ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වු පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදීය.

ඉන් අනතුරුව ‍‍ටොනි ග්‍රේග් ඔස්ට්‍රේලියාවට පැමිණිමෙන් පසු සිදුකළ පරික්ෂාවකින් පසු ඔහුට පෙනහල්ලේ පිළිකාවක් ඇතැයි නිශ්චිතවම තහවුරු කර ගන්නා ලදී.

කෙසේ වෙතත් පසුව ඔහුට ශල්‍යකර්මයක් ද සිදුකළ බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us