Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

විසුල අහස යටින් ඔබ හමුවට එන සමාධිගේ සැබෑ තතු...

තාත්තා මගේ පස්‌සෙන්මයි - නිලුක්‍ෂි අමන්දා

සමාධි කියන්නේ මුඩුක්‌කු පරිසරයක දිවිගෙවන තරුණ ගැහැනු ළමයෙක්‌. මේ පරිසරයේ ජීවත්වෙන නිසාම ඇයට රැකියාවක්‌ පවා ලැබෙන්නේ නැහැ. සමාජයෙන් නිතරම කොන්වෙන චරිතයක්‌. මේ දේවල් ලෝකයාට වසන් කරලා රැකියාවක්‌ සොයාගෙන පවුල දියුණු කරන්න තමයි, හැමවිටම ඇය උත්සාහ කරන්නේ. කැළුම් පාලිත මහිරත්නගේ "විසුල අහස යට" ටෙලි සිත්තම හරහා ඔබ හමුවට එන සමාධිව පසුගිය දවසක අපි මුණගැසුණා. ඒ ඇගේ සැබෑ තතු ටිකක්‌ ඔබට කියන්න.
අමන්දා නිරූපණ ක්‍ෂේත්‍රයට යොමුවුණේ ඇයි ?
පුංචි කාලේ පටන් මම නිරූපණයට ආසයි. පසුකාලීනව නර්තනයේ යෙදුණා. එතැනදී මම ගොඩක්‌ මහන්සි වුණා මගේ ඇඟ හදාගන්න. ඊට පස්‌සේ තමයි නිරූපණයට යොමුවුණේ.

නිරූපිකාවකට සමාජයේ හොඳ පිsළිගැනීමක්‌ තිබෙනවා කියලා හිතනවාද ?
මිනිස්‌සු හරියටම නිරූපණ ක්‍ෂේත්‍රය ගැන දන්නේ නැහැ. මම එතැන ඉන්න නිසා ඒ ගැන දන්නවා. තමන් හරියට ඉන්නවා නම් ඕනෑම තැනක වැඩකරන්න පුළුවන්.

දිගටම නිරූපණයේ යෙදෙන්නද සූදානම ?
අනිවාර්යයෙන්ම.

අමන්දා හුඟක්‌ උසයි නේද?
ඔව්. අඩි පහයි අඟල් නමයයි.

පාසල් යන කාලේ ඔය උසෙන් ප්‍රයෝජනයක්‌ ගත්තේ නැද්ද ?
පාසල් කාලයේ මට ක්‍රීඩා කරන්න එච්චර ආසාවක්‌ තිබ්බේ නැහැ. පාසල් යන කාලේ ඉඳන් විලාසිතා දැක්‌මවල් නරඹලා ඒ ආසාව විතරයි තිබුණේ. මම කවදාවත් ක්‍රීඩා කරලා නැහැ.

උස නිසා ඔබ අපහසුතාවට පත්වුණ අවස්‌ථාත් ඇති නේද?
පාසල් කාලයේදී නම් ගොඩක්‌ ප්‍රශ්න ආවා. ඒ කාලේ උසයි කියලා කියනවටත් මම කැමැති නැහැ. යාළුවෝ විහිළු කරනවා. ඒ වුණාට දැන් මම මගේ උස නිසා ආඩම්බරයි.

විසුල අහස යට සමාධිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගේ පළමු ටෙලිරංගනය තමයි විසුල අහස යට හි සමාධිගේ චරිතය. මම කවදාවත් රඟපාලා නැහැ. ඒ වුණාට මට ගොඩක්‌ ප්‍රතිචාර ලැබෙනවා. මට හොඳට රඟපාන්න පුළුවන් කියලා සමහරු කියනවා. මම නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ.

රංගනය හදාරලා නැතිද?
ජීවිතයට රංගනය ඉගෙන ගෙන නැහැ.

වෘත්තීය නිළියක්‌ වුණොත් හොඳයි නේද ?
වෘත්තීය නිළියක්‌ වෙන්න මම ආසා නැහැ. මම කවදාවත් රඟපාන්න හිතාගෙන හිටියේ නැහැ. හොඳ අධ්‍යක්‍ෂවරයෙක්‌ගෙන් මට ආරාධනාවක්‌ ලැබුණ නිසයි රංගනයට යොමුවුණේ. මම නිළියක්‌ වෙන්න ආසා නැහැ. මගේ ජීවිතය නිරූපණයයි.

සමාධි නිසා අමන්දාට රංගනයට යළිත් ආරාධනා ලැබුණේ නැතිද?
ගොඩක්‌ ආරාධනා ලැබුණා. ඒ වුණාට මම භාරගත්තේ නැහැ.

ඇයි ඒ ?
හොඳ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ යමක්‌ කරන්න පුළුවන් චරිතයක්‌ ලැබුණොත් මම රඟපානවා.

නිරූපිකාවක්‌ විදිහට ආ ගමන් මඟ ගැන මොකද හිතන්නේ ?
ගොඩක්‌ සන්තෝස වෙනවා. හිතාගන්න බැරි විදිහට පොඩි කාලයක්‌ ඇතුළත මම ලොකු තැනකට ආවා කියලයි හිතන්නේ.

දැන් ඔබ ජනප්‍රියයි කියලද හිතන්නේ ?
අපොයි නැහැ.

ජනප්‍රියත්වය නිදහසට බාධාවක්‌ නෙමෙයිද ?
බාධාවක්‌ කියලා හිතන්නේ නැහැ. මිනිස්‌සු ආදරය කරනවා නම් හොඳයි. නැතිනම් ඒක බාධාවක්‌.

ගෙදරින් මේ දේවල් කරනවාට විරුදධ නැතිද?
නැහැ. මට තාත්තා ගොඩක්‌ උදව් කරනවා. තාත්තා මගේ පස්‌සෙන්මයි. එයා නැතිනම් මම මෙතැන නැහැ.

සම්පූර්ණ නම - නිලුක්‍ෂි අමන්දා සිල්වා
ගම - කොළඹ
උපන් දිනය - 1991.07.03
පාසල - සිරිමාවෝ බණ්‌ඩාරනායක විදුහල
පවුලේ විස්‌තර - තාත්තයි, නංගියි, මමයි

දිනේෂ් විතාන
ඡායා - සිතුමිණ ප්‍රනාන්දු

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us