Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

නොමල බව කියන සමන්තිගේ සිරුර සීල් තැබූ පෙට්ටියකින් එයි..

සෞදි අරාබිය බලා ගිය සීගිරිය, බටුයායේ පදිංචි වී සිටි එම්.සමන්ති මහත්මියගේ සිරුර සීල් තැබූ පෙට්ටියකින් පෙරේදා (29) සවස බටුයායට ගෙනැවිත් තිඛෙන අතර ඇය රට යැවූ උප ඒජන්තකරු පවසන්නේ සමන්ති නිරුපද්‍රිතව තවමත් රියාද්වල සිටින බව පවසයි.

සීගිරිය, බටුයායේ පදිංචි එම්.සමන්ති (34) එක්දරු මවකි. ඇයත් , ඇගේ සැමියා වන එම්.ජී. තිලක් ආරියරත්න හා එවකට දෙහැවිරිදි වියේ පසු වූ පුතුත් ජීවත් වූයේ කුඩා නිවසක බොහෝ අගහිගකම් මැදය.
අළුතින් නිවසක් සාදා ගැනීමත්, දරුවාගේ අනාගතය වෙනුවෙනුත් සමන්ති 2008 අගොස්තු 03 වැනිදා සෞදියේ රැකියාවක් ලැබ එහි ගියාය. එසේ ඇය විදෙස්ගත වූයේ විදේශ රැකියා කාර්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් හරහා වීම මෙහි විශේෂයයි.

සෞදියට ගිය සමන්ති මුල් මාස තුනේ දී දුරකතනයෙන් සැමියා සමග කතා කළාය. ඉන් අනතුරුව ඇය ගැන කිසිදු තොරතුරක් නොවූයෙන් සැමියා වූ තිලක් ආරියරත්න මහතා රැකියා නියෝජිතයා හමුවන්නට ගොස් බිරිඳගෙන් ආරංචියක් නැතැයි කීවේය. විදෙස් රැකියා කාර්ර්‍යංශයට වරින්වර ගොස් බිරිඳගෙන් ආරංචියක් නැතැයි පැවසුවේය. කිසිදු පිළිසරණක් නැතිව මෙසේ කාලය ගෙවී ගියේය.2012 අගොස්තු මාසයේ 18 වැනිදා විදෙස් රැකියා කාර්‍යංශයෙන් තිලක් ආරියරත්න මහතාගේ නමට ලිපියක් ආවේය. එහි සඳහන් වූයේ ඔහුගේ බිරිඳ වන එම්.සමන්ති රියාද්වල මියගොස් සිටින බවයි. මළ සිරුර කඩිනමින් ගෙන්වා දෙන බවත් එම ලිපියේ සඳහන් විය.

සැමියා සිය බිරිඳගේ මළ සිරුර අද එයි , හෙට එයි කියා බලා සිටියේය. එහෙත් එවැන්නක් ආවේ නැත. නොවැම්බර් 11 වැනිදා විදේශ රැකියා කාර්ර්‍යාංශයෙන් තවත් ලිපියක් ආවේය. එහි සඳහන් වූයේ ර්‍ඔබගේ බිරිඳ යළි ලංකාවට පැමිණි සිටී. ඒ අනුව ඇය සොයා ගැනීමට අදාළ ලිපි ගොනුව වසා දමන බව” කි.
බිරිඳ මියගිය බව මුලින් පැවසූ කාර්්‍යාංශය දැන් පවසන්නේ බිරිඳ ලංකාවට පැමිණ සිටින බවකි. ඇය ලංකාවට ආ බව කාර්‍යංශය කියන නමුත් ඇය සීගිරිය, බටුයායේ පිහිටි නිවසට ආවේ නැත. ඒ නිසා සැමියා, සමන්ති සොයා ඥාති හිතමිත්‍රාදීන්ගේ ගෙවල් දොරවල්වලට ගෑටුවේය. එහෙත් සමන්ති ගැන කිසිම ආරංචියක් ඔහුට ලැබුණේ නැත.

මේ අතර පසුගිය නොවැම්බර් 20 වැනිදා යළි විදේශ රැකියා කාර්ර්‍යාංශයෙන් තිලක් ආරියරත්න නමට ලිපියක් ආවේය. කාර්්‍යාංශයට වරදක් වූ බවත්, බිරිඳ මියගොස් ඇති බවත්, සිදු වූ වරදට සමාවන ලෙසත් එම ලිපියේ සඳහන් විය. ඒ අනුව කළ කැඳවීමක් නිසා පෙරේදා (29) කොළඹට පැමිණි තිලක් ආරියරත්නට තමන්ගේ බිරිඳ බව සඳහන් සීල් තබන ලද පෙට්ටියක බහා සිරුරක් ලැබිණ. එම සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් කොළඹදී සිදුකර ඇතත් එම පරීක්ෂණයේ වාර්ථාවක් ආරියරත්න අතට ලැබී නැත.

ඔහුට ලැබුණේ සෞදියේ දී කළ මරණ පරීක්ෂණ වාර්ථාවයි. එම වාර්තාව අනුව සමන්ති මියගොස් ඇත්තේ විසක් ශරීරගත වීමෙනි. කෙසේ වෙතත් විදෙස් රුකියා කාර්්‍යංශයෙන් කිසිම දීමනාවක් නොලබා සමන්තිගේ දේහය කොළඹ සිට සිගිරිය , බටුයායට රැගෙන එන්නට ආරියරත්නට සිදුවිය.බටුයායට දෙන රැගෙන ආවද එය ඔහුගේ නිවසේ තබන්නට බැරි විය. හේතුව එම නිවස ඒ තරම් කුඩා එකක් වීමය. ඒ නිස‍ බටුයායේ පිහිටි ඥාතියකුගේ නිවසේ සිය බිරිඳගේ දෙන තබා සත් හැවිරිදි දරුවා සමග හූල්ලමින් ඒ දෙස බලා සිටින්නට ආරියරත්න මහතාට සිදුවිය.

මේ වනවිටත් එම දේහය ඇත්තේ එම නිවසේ ය. මේ අතරේ තිලක් ආරියරත්න මහතා සිය බිරිඳ රට යැවූ මාතලේ ඇල්ලේපොළ පදිංචි උප රැකියා නියෝජිතයාගෙන් සිය බිරිඳට සිදු වූ ඉරණම ගැන විමසා ඇත. එහිදී ඔහු දී ඇත්තේ අපූරු පිළිතුරකි. සමන්ති මැරිලා නෑ. එයා කිසිම කරදරයක් නැතිව රියා‍ද්වල ඉන්නවා.අපි එයාව ගෙනල්ලා දෙන්නම්” යනුවෙනි.

Live!8 News



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us