Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

චතුරිකාගෙන් මම වෙන්වුණා.. මට දුක අර ළමයි දෙන්න ගැන - රොෂාන් පිලපිටිය

චතුරිකා, ගයාන්ට ළං වේ.රොෂාන් තනිවේ

ලංකාවේ ජනප්‍රිය ටෙලි නළුනිළි දෙපළක වන චතුරිකා පීරිස් හා රොෂාන් පිලපිටියගේ සුප්‍රකට ආදර අන්දරයට නැවතීමේ තිත තැබුණ තහවුරු කළ ප්‍රවෘත්තිය අප වෙත දැනගන්නට ලැඛෙනවා. මෙයට හේතුවී ඇත්තේ තෙවන පාර්ශ්වයකි. ඒ කවුරුන්ද?

මේ පුවත විමසන්නට අප ටෙලි නළු රොෂාන් පිලපිටිය දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු එය තහවුරු කරමින් කියා සිටියේ ඉතාම වැදගත් හා සාමකාමී ආකාරයට ප්‍රශ්න විසඳාගෙන ඇගෙන් වෙන්වුණ බවය.
වසර ගණනාවක සිට ටෙලි ක්ෂ්ත්‍රයේ කථාබහට ලක්වූ චතුරිකා-රොෂාන් ආදර කතාව නතරවී යයි විවිධ ආකාරයට වරින් වර ආරංචි පැතිර යද්දී දෙදෙනාම කියා සිටියේ ඒවා බොරු බවය.

පසුගිය කාලයේ නිතරම ඔවුන්ගෙන් මාධ්‍ය අසා තිබුණ පැනය වූයේ කවදාද විවාහ වෙන්නේ යන්නය.
ළගදීම විවාහ වන බවත් අනතුරුව මහරගම පන්සල පාරේ ඔවුන් එක්ව තැනූ නිවසට පදිංචියට යන බවත් ඔවුන් මින් මාස කිහිපයකට ඉහතදීත් පිළිතුරු දී තිබුණ නමුත් දැන් හදිසියේම ඒ කතාව නිමාවට පත්ව තිඛෙනවා.

අප මේ ගැන ඇත්ත විමසන්නට රොෂාන් පිලපිටිය දුරකථනයෙන් සම්බන්ධ කරගත්විට ඔහු දැක්වූ අදහස මෙසේය.
රොෂාන්ගේ කතාවේ ඕඩියෝ පටය පහතින්



දෙදෙනා අතරට තුන්වැන්නෙකු පැමිණීමෙන් මේ සුප්‍රසිද්ධ ආදර කතාව මුළුමණින්ම බිඳ වැටී ඇති බව දැනගන්නට ලැඛෙනවා.

ඒ තුන්වැන්නා කවුරුන්ද? ඒ වෙනත් කිසිවෙකු නොව ටෙලි නළු ගයාන් වික්‍රමතිලකයි.

මේ දිනවල ජනප්‍රියව පවතින සේපාලිකා ටෙලිනාට්‍යයේ සුදුහාමිනේ හා පහන් අයියා ලෙසද චතුරිකා හා ගයාන් එකට රගපානවා.

අවුරුදු 6 ක හා මාස අටක දරු දෙදෙනෙකුගේ පියෙකු වන ගයාන් විවාහවී වසර හතක් වන බවත් ඔහුගේ විවාහක බිරියගේ වැරදි හා රොෂාන්ගේ වැරදි එස්එම්එස් මාර්ගයෙන් චතුරිකාට යොමු කර ඇතිවූ ප්‍රශ්න රැසක් මැද මේ ගැටලූකාරී තත්වයන් මතුව ඇති බවත් මේ ගැටලූ නිරාකරණය සඳහා කඩවත පොලිසිය මැදිහත්වූ බවත් වාර්තා වනවා.

අවසානයේ චතුරිකා හා රොෂාන් තීරණය කර ඇත්තේ වෙන්වන්නටය. ගයාන්ද ඔහුගේ පවුල පිළිබඳ තීරණයක් ගන්නට යන බව සැලයි.

මෙයින් අනතුරුව චතුරිකා හා ගයාන්ගේ අලූත්ම ආදර කතාව ගැන අලූත් ආරංචි අපට අසන්නට ලැඛෙනු ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us