Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සිවිලිමෙන් මතුවූ T 81 ගිනි අවියෙන් රහසක් එළිවෙයි...

කැලනියේ ප්‍රාදේශීය සභා ටීම් එකම සමූල ඝාතනය කරන්න ඉඳලා..

කැලණිය ප්‍රා. සභා හසිත මඩවල ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ රංගන පෙරේරා නමැත්තා පොලිසියට සැපයූ විස්තර අනුව ඉදිරියේදී සිදු කරන්නට සැලසුම් කර තිබුණ සමූල ඝාතනයක තොරතුරු අනාවරණයවී තිඛෙනවා.
ඔවුන් මර්වින්ට විරුද්ධ ප්‍රාදේශීය සභා සෙට් එකම මරා දමන්නට සැලසුම් කර ඇත්තේ ප්‍රාදේශීය සභා රැස්වීම පවත්වන අවස්ථාවකය.

කැලණිය ප්‍රා. සභා හසිත මඩවල ඝාතනයට භාවිත කර තිබූ ටී 81 විශේෂ ගිනි අවිය මේ සඳහා යොදාගන්නටත් ඔවුන් තීරණය කර තිබුණා.

රංගනගේ මාමා හෙවත් මර්වින්ගේ පාර්ලිමේන්තු ලෙකම් සිංගප්පූරු සරත් විසින් රංගනගේ පියාට ලබාදී තිබුණ බව කියන මේ ගිනි අවිය රංගනගේ නිවසේ ඇඳක් යට සගවා තිබූ බව කලින් වාර්තා වූ අතර මිනීමැරුමට යොදාගැනීමෙන් පසු එය ඔවුන් සැගවී සිටි පෙතියාගොඩ නිවසේ සිවිලිමේ සගවා තිබී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් සභා වාරයකට සහභාගි වෙමින් සිටියදී T 81 ගිනි අවියෙන් වෙඩි තබා එහි සභාපතිවරයා ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කරන්නට සැලසුම් කර තිබූ බව කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි හසිත මඩවල ඝාතනය සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරුවකු වන රංගන නැමැත්තා රහස් පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ දී ප්‍රකාශ කර තිබේ.

හසිත මඩවල මහතාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මොහු විසින් බව රහස් පොලිසිය කියයි. ඝාතනයට යොදාගත් ගිනි අවි සොයා පොලිසිය කළ මෙහෙයුම්වලදී T 81 ගිනි අවියක් මොහු ඇතුළු සෙසු සැකකරුවන් රැඳී සිටි පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක සිවිලිමක් තුළ සඟවා තිබිය දී සොයා ගත් බව පොලිසිය කියයි.

මෙම ගිනි අවිය සම්බන්ධයෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී රංගන නැමැත්තා ඝාතන රහස් හෙළිකර ඇතැයි පැවසේ. T 81 ගිනි අවියේ පතරොම් 48ක් තිබී ඇත. එය මැගසින් දෙකකින් යුක්ත අවියකි. පතරොම් 60 ක් මැගසින්වලට පිරවිය හැකි අතර එය ස්වයංක්‍රිය ගිනි අවියකි.

ලංකාවේ ජනප්‍රිය ගිනි අවි විශේෂ දෙකක් වන ටී 56 හා ඒකේ 47 දෙවර්ගයේම ලක්ෂණ ඇති එහි වර්ධිත පරම්පරාවේ නිමැවුමක් බව කියන ටී 81 ගිනි අවිය ඒකේ 47 ගිනි අවියේ හැඩයට සමානය.

ප්‍රාදේශීය සභාවට පැන වෙඩි තබා මෙම පිරිස ඝාතනය කරන්නට දෙවරක් උත්සහ කළ නමුත් එහි තිබූ දැඩි ආරක්ෂාව හේතුවෙන් කුරුමාණම වැරැදී ගිය බවත් සැකකරුවා පවසා ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ දී 08 වැනිදා අළුයම 2ට පමණ රංගන නැමැති සැකකරුවා රහස් පොලිස් අත්අඩංගුවට පත්වන විට ඔහු සිට ඇත්තේ ගුවන් යානයට ගොඩවල පර්යන්තයේ ය. රහස් පොලිසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව සැකකරුවා හඳුනා ගෙන ඇති අතර රහස් පොලිසිය පැමිණ රංගන අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රහස් පොලිසියට තමන් කොටු බවක් ඔහු විශ්වාස කර නැත.

ඔහු සිතා ඇත්තේ පිරිසක් තමන් පැහැර ගෙන යන්නට උත්සහ කරන බවකි. හසිත මඩවලට වෙඩි තැබූ අවි තිබෙන තැන කියන්නට පසුව සැකකරුවා එකඟ වූ බව පවසන රහස් පොලිසිය එහෙත් එම අවි තිබෙන තැන පෙන්වන්නට එන්න බැරි යැයි පවසා තිබේ.

සියලුම ආරක්ෂාව ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු සැකකරුවා රහස් පොලිසිය සමග ගොස් සඟවා තිබූ අවි පොලිසියට සොයා දී තිබේ.

හසිත මඩවල ඝාතනය පොල් ගෙඩි ප්‍රශ්නයක් නිසා මතුවූ පුද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මුලින් ප්‍රකාශ වූවද මෙම සමූල ඝාතන සැලසුමත් සමග නොකියා කියන්නේ මේ ඝාතනවල උවමනාව වෙනත් දෙයක් බවය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us