Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඇපෑල රිජෙක්ට් වෙච්ච බව මැරෙනකං දැනං හිටයෙ නෑ..

රිසානාගේ පියාට දියණිය මියගිය බව ඊයේ රෑ වනතුරු කියල නෑ..

හිරේ ඉදෙද්දී  රිසානාට භාෂා ගොඩක් පුළුවන් වුණා...

රිසානා ගැන සොයා බැලුවෛද්‍ය කිෆායා ඉෆ්තිකාර් කියයි..

සෞදි අරාබියේදී ගෙල සිද මරා දැමුණු රිසානා නෆීක් දැරියගේ මළ සිරුර හෝ ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න යැයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ රිසානා නෆීක්ගේ මරණ දඩුවම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා..
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (09) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එය විදේශ සේවා නියුක්ති කාර්්‍යංශයේ වගේම විදේශ කටයුතු අමාත්‍යංශයේ ද වගකීමක් බවයි..

එ වගේ ම සෞදියේ ක්‍රීයාත්මක ෂරියා නීතිය යටතේ තවත් ශ්‍රි ලාංකික සිව්දෙනෙකුගේ ජීවිත අනතුරට ලක්ව ඇති බව ඔහු තවදුරටත් පවසා සිටී.

රිසානා නෆික් මුතුර් ප්‍රදේශයේ දර කැපීම ජීවිකාව කරගත් අහිංසක දෙමාපියන්ගේ දරුවෙකි. ඇයට සොයුරෙකුද සිටී. ඒජන්සිකරුවන් වංචාසහගතව වැඩි වයස දැක්වීමක් නිසා ඇය අවුරුදු 17 තරම් අඩු වයසින් සවුදියේ රැකියාවකට යවා තිබුනේ දුප්පත්කම නිසාමය.

ගෘහ සේවිකාවක ලෙස ඇයට කරන්නට ලැබුනේ කිරි සප්පයෙකු බලාගැනීමය. හරිහැටි අත්දැකීම් නැති ඇය මෙම කටයුත්ත නිවැරැදිව කරන්නට අසමත්වූවාය. ඇගේ වරදින්ම නොවුණත් නොදැනුවත්කමින් සිද්ධවූ අවාසනාවන්ත මරණයකට ඇයට වන්දි ගෙවන්නට සිදුවිය.

රිසානා වයස 17 සිට 25 දක්වා වසර 8 ක්ම සිටියේ සවුදියේ හිරේය.මේ කාලය තුළ ඇය ගැන සොයා බලන්නට නිතරම ගියේ ලංකාවේ දන්ත වෛද්‍යවරියක වන කිෆායා ඉෆ්තිකාර්ය. කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය සවුදියේ දන්ත වෛද්‍ය සේවයේ යෙදෙන අතර සැමියා සමග එහි ජීවත්වන්නියකි. ඇය රිසානා බලන්නට කිලො මීටර 400ක් දුරගෙවා යන හැම අවස්ථාවකම ඇගේ දුරකථනයෙන් රිසානා මුතුර්හි දෙමාපියන් ඇමතූ බවද වාර්තා වුණා. අවසන් වරට රිසානා පසුගිය දෙසැම්බරයේ දෙමාපියන් අමතා තිබුණා. ඊයේ රිසානා මරාදැමුණ පුවත ඇය දැනගෙන තිඛෙන්නේද එම බන්ධනාගාරයට ඇය බලන්නට සිතා ගිය විටය.

එම මොහොත වනතුරු ඊයේ එවන් සිද්ධියක් වන්නට යන බව වෛද්‍ය කිෆායා දැන සිට නැත. ඇය තොරතුර දැනගෙන කම්පනයට පත්ව සිටි අවස්ථාවේ මුතුර්හි සිට රිසානාගේ මවගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිඛෙනවා. ආ දූව හම්බ වුණාද...එයාට ෆෝන් එක දෙන්න පුළුවන්ද යනුවෙන් අනෙක් පසින් අසා ඇත්තේ රිසානාගේ මවයි.

ඒ අවස්ථාවේ මේ නරක ආරංචිය රිසානාගේ මවට එකවරම දන්වන්නට අකමැතිවූ වෛද්‍ය කිෆායා බොරුවක් ගොතා පිළිතුරු දී ඇත්තේ මට තාම යන්න බැරිවුණා. වාහනේ කැඩිලා ලෙසිනි. ඒ වනවිටත්  ෂරියා නීතියෙන් රිසානාට මරණ ද~ුවම දී අවසන්ව තිබුණා.
වෛද්‍ය කිෆායා ඒ ගැන කියා සිටියේ,

මෙහේ එන හැමෝම වීසා ගන්න කොට ෂරියා නීතියට එකගයි කියල අත්සන් කරනවා. ෂරියා නීතිය රජ්ජුරුවන්ටවත් වෙනස් කරන්න අමාරුයි. මෙහේ හැටි එහෙම තමයි.මොනවා කරන්නද..රිසානා මට මගේම දරුවෙක් වගෙයි. මං නිතරම බලන්න ආවා. එයා මෙහේ සතුටින් හිටියෙ. ඇය ක්‍රීඩා කළා. ආගම ඇදහෙව්වා.තවත් රටවල්වල කාන්තාවන් ගොඩක් එක්කයි ඇය හිටියෙ. ඒ නිසා මේ කාලෙදි ඇය භාෂා කිහිපයක්ම කථා කරන්නත් ඉගෙන ගෙන තිබුණා. මං බලන්න එන හැමදවසකම එයා අහනව කවද්ද නිදහස් කරන්නෙ කියල. මෙච්චරකල් එයාට දඩුවම් නොලබා මෙහේ ඉන්න පුළුවන් වුනේ ජාත්‍යන්තර සංවිධාන කරපු උද්ඝෝෂන නිසා. ඒත් අන්තිමට නීතිය ක්‍රියාත්මක වුණා. එයාට ඇපෑල් එකේදීත් මරණ දඩුවම තීරණය වුණානෙ. ඒ බව මං එයාට මැරෙනතුරු කියල තිබ්ඛෙත් නෑ.

රිසානා මරාදැමුණ ආරංචිය ඊයේ නිල වශයෙන් ලංකාවට දැනුම් දුන් පසු ඇගේ දෙමාපියන් වෙතද පණිවිඩය යැවුණා. රිසානාගේ පියා දරකපන්නට ගොස් අසනීපවී මේ දිනවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින නිසා මේ ආරංචිය ඔහු දැනගත්තෙ නෑ.

පණිඩිඩය ලැබුනේ  දුප්පත් පැල්පතේ සිටින ඇගේ මවටයි. ඊයේ මහ හඬින් විලාප දෙමින් ඇය කියා සිටියේ  හැමෝම අපිව රැවැට්ටුව..කවුරුවත් එයාව බේරල දුන්නෙ නෑ. අපිට මේ ගැන දැන් මොනව කථා කරන්නද..මගේ අහිංසක දරුවා මැරුණා.. ලෙසිනි.

දියණියගේ මරණ දඩුවම ගැන රිසානාගේ අසනීපව සිටින පියාට නොකියන්නට තීරණය කර තිබූ නිසා ඊයේ රාත්‍රිය වනතුරු ඒ ආරංචිය ඔහුට දන්වන්නට කිසිවකු නොගිය බවද වාර්තා වුණා.
රිසානාට මරණ දඩුවම දුන් පසු ඇගේ සිරුර එරටේම මිහිදන් කරන බවත් ෂරියා නීතිය අනුව එවැනි දඩුවමට ලක්වූවකුගේ සිරුරක් මව් රටට භාරනොදෙන බවත් වාර්තා වනවා.

ඒ අනුව රිසානා සවුදියේදීම ලොවෙන් සමුගෙන යනු ඇත.
රිසානාගේ සිද්ධියත් සමග නැවත කථාබහට ලක්වූ මාතෘකා කිහිපයක්ම තිඛෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ක්‍රියාත්මක වන නීති රීති සම්ප්‍රදායන්ට වඩා ඛෙහෙවින් වෙනස් රටක මිනිසුන්ගේ බැලමෙහෙවර උදෙසා මේ රටේ ස්ත්‍රී පුරුෂයන් යැවීම අහෝසි කෙරෙන්නේ කවදාද ඉන් එකකි.

විදේශ රැකියා වෙළෙඳ පොළ පදනම් කරගනිමින් තවමත් යහතින් ක්‍රියාත්මක වන හොර ඒජන්සිකරුවන්ගේ සහ ඔවුන්ගේ තැරැව්කරුවන්ගේ ජාවාරම් මුළුමනින්ම නවත්වා දැමීමට රජයට නොහැකි මන්ද යන්නද ගැටලූවකි.

මැදපෙරදිග සේවයේ යෙදෙන්නන් මීටත් වඩා විධිමත් පුහුණු ශ්‍රමිකයන් වශයෙන් තමන් අපේක්ෂිත මැදපෙරදිග රටවලට යැවීම සඳහා නිශ්චිත අධ්‍යයන ක්‍රියාමාර්ගයක් හා පරීක්ෂණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමද ඉදිරියට වැඩදායකය.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us