Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

සෞදි අළුගෝසුවා රිසානාගේ ගෙළ සිඳියි..

රිසානාගේ බෙල්ල කපා මැරූ බව ලංකා තානාපති කාර්යාලය කියයි..

රිසානා නෆීක්ට මරණ දඬුවම දීලා?

රිසානා මැරුවට පස්සෙත් ඇමති ඩිලාන් ඇය බේරාගන්න බව පාර්ලිමේන්තුවේ කියලා!

2005 වසරේදී සෞදි ආරාබියේ හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව සිටි ශ්‍රි ලාංකික ගෘහ සේවිකා මුත්තූර්හි පදිංචි රිෂානා නෆීක් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11.40 ට පමණ හිස ගසා මරා දැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරියෙක් පැවැසීය.
ඝාතනය සිදුවූයේ රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ය.මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් රිසානා න‍‍ෆික් රදවා තැබුණේ සෞදි අරාබියේ  දවද්මි බන්ධනාගාරයේදීය.

සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු  ඝාතනය කිරිමේ ‍චෝදනා මත 2007 වසරේදි රිසානා නෆික්ට එරෙහිව  සෞදි ආරබියේදි  මරණ දඩුවම නියම කෙරිණ.

11.40 ට පමණ රිසානා නෆීක් මරා දමා තිබියදී ඉන් පැය දෙකකට පසු විදේශ සේවා ප්‍රවර්ධන හා සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප.ව. 1.40 ට කියා ඇත්තේ තම රජය රිසානා බේරාගැනීමට දැන් සියලූ කටයුතු සූදානම් කර ඇති බවත් ළගදීම ඇයට නිදහස හිමිවනු ඇති බවත්ය.

මින් දින 4 කට පෙර පසුගිය ජනවාරි 5 වනදා ජනපති මහින්ද රාජපක්ෂ පුද්ගලික ඉල්ලීමක් කරමින් සෞදි රජතුමාගෙන් ඉල්ලා සිටියේ රිසානා නිදහස් කර දෙන ලෙසය. නමුත් එම ඉල්ලීමට ඔවුන් ඇහුම්කන් නොදුන් බව අද සැලවූ පුවතින් පැහැදිලි වන්නේය.

රිෂානා නෆීක් නිදහස් කරගැනීමට පසුගිය කාලයේ ලංකාවෙන් සෞදි රජය වෙත විවිධ ඉල්ලීම් කර තිබුණා.ජනාධිපතිවරයා විසින් සෞදි අරාබියේ රජුගෙන්ද ඒ පිළිබඳ රාජත්‍රාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර තිබූණා

රිසානාගේ ගමම හඬා වැළපේ...

රිෂානාගේ මරණය සැළවූ විගස මූතූර්හි ඇගේ මව්පියෝ හඬා වැටෙන්නට වූහ. ගම් වැසියෝ පල්ලිට ගොස් යාඥා කරන්නට වූහ. රිසානාගේ සිරුර ගෙන්වා ගැනීමට ඇති ඉඩ කඩ ගැන සොයා බලන බව ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය. මුළු ගමම මේ සිද්ධියෙන් කම්පාවටත් ශෝකයටත් පත්ව ඇති බව පෙණිනි.

ශාරියා නීතිය අනුව හිස ගසා දමන දර්ශනයක්


රිෂානා ගේ නිවස හා පවුලේ අය






රිසානා නෆීක් ගැන

ගෘහ සේවිකාවක ලෙස රිසානා සෞදි අරාබියට ගියේ වයස 17 දීය. ගෙදර අග හිඟ කම් නිසා වැඩමල් දුව රිසානා රට ගොස් සල්ලි එවීමට කැමැත්තෙන් ඉදිරිපත් වූ බව, ගස් කෑපීමෙන් ජිවිකාව ගෙන යන රිසානගේ පියාවන මෙහොමඩ් සුල්තාන් නෆික් කියයි.

ඔවුන්ගේ පදිංචිය ත්‍රිකුණාමලයෙ මුතුර්හිය. රිසානා 2004.4.1 දා සෞදි අරාබියට පැමිණියේය. ඇයට වැඩ ලැබූණේ  නයිෆි ජිසියාන් කලාෆ් අල්ඔටාබි නම් හාම්පුතාගේ නිවසේය. ඔහුගේ බිරියට ලැබුණු දරුවා බලා ගැනීමට වැඩට පැමිණ දින කිහිපයකින් ඇය බටහිර රියාද්හි දවාදමි නුවර ගෙදරට යවනු ලැබීය.

2005 මැයි 25 වැනිදා දහවල් 12.30ට පමණ දරුවාට බෝතලෙන් කිරි පොවද්දී කටිනා හා නාසයෙන් කිරි ආ බව රිසානා දුටුවාය. කිරි පිට උගුරේ යාම ඊට හේතුවයි. ඇය දරුවාගේ උගුර පිරිමැද්දාය. ඒ සමගම දරුවා ඇස් පියා ගත්තාය. සිව් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එදිනම ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

දරුවා මැරූබවට ඇය පාපොච්චාරණයක් ද පොලිසියට කළාය.
එම පාපොච්චාරණය උසාවියේදීත් කළාය. එහෙත් 2007 පෙබරවාරි 3 වැනිදා ඇය කියා සිටියේ ළමයා මැරූබවට ඇය පාපොච්චාරය කළේ පොලිසිය බලපෑම නිසා බවයි.

කොළඹ රැකියා එජන්සියෙන් බොරු වයසක් දමා තමාගේ වයස අවුරුදු 6 කින් වැඩි කර බොරු ලියවිලි හදා සෞදි අරාබියට එවූ බව ද අය කීවාය.
අගවිනිසුරු අබ්දුල්ලා අල් රොසයිමි ප්‍රමුඛ ත්‍රිපුද්ල විනිශ්චය මණ්ඩලයකින් ඇය වැරදි කාරිය කර 2007 ජූනි 16 වැනි දා මරණ දඬුවමට නියම කරනු ලැබීය.

එයට ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ඇයට දැන්වීය. ඒ අනුව 2007 ජූලි 15

මේ අතර දරුවාගේ පියා හමු වීමට ගත් උත්සාහය අසාර්ථක විය. මෙවැනි දඬුවමකට නියමකළ හැකි අයකුට බලය ඇත්තේ එම පවුලේ ප්‍රධානියාගේ කැමැත්ත ලැබුණහොත් පමණි. ඒ සඳහා වන්දි මුදලක් ගෙවා එසේ සමාව ලබාගත හැකි බව සෞදි නීතියේ සඳහන්වේ.

රියාද් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඇපෑල විභාග කර මුල් තීන්දුව තහවුරු කෙළේය.
රිසානාට නිදහස ලබා දෙන්නැයි මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඉල්ලීම ඇතුළත් ලිපියක් ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය 2010.10.25 සෞදි රජතුමාට ඉදිරිපත්  කළේය. අසියා මානව හිමිකම් සංවිධානය ඇය වෙනුවෙන් ඇපෑලේදී නීතිඥ ගාස්තුද ගෙවීමට ඉදිරිපත්  විය.

දරුවාගේ මව් පියන් සමග කතා බහ කර බේරුමක් කර ගැන්නැයි සෞදි රජතුමා සෞදි නුවර සමථ මණ්ඩලයට එම සිද්ධිය යොමු කෙළේය. බොරු ලියවිලි හදා රිසානා රට යැවූ රැකියා නියෝජිතයන් දෙදෙනාට කොළඹ මහාධිකරණය දෙවසර බැගින් සිර දඬුවම් නියම කර රුපියල් හැට දහස බැගින් රිසානාගේ මව්පියන්ට නියෝග කැරිණි.

රිසානාගේ මව සහ පියා රිසානා බැලීමට එරටට ගියහ.
2013 නව වසර උදාවීමත් සමග සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය රියාද් බලධරයනට දැන්වූයේ රිසානා නෆික් මරා දඬුව පැණවීම ඉතා ආසන්න බවයි. ඒ සිද්ධියත් සමග මහින්ද රාජපක්ෂ ජනපති 2013 ජනවාරි 5 වැනිදා සෞදි රජතුමාට දෙවැනි ආයාචනය ද කරමින් රිසානා බේරාදෙන ලෙස ඉල්ලීමක් කෙළේය.
රිසානා මරා දැවූ පුවත අද දහවල් 2 පමණ වන විට රිසානගේ මවුපියෝ ද දැන ගත්හ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us