Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Update(8) 01/09/2013 14:30 PM
මං හමුවෙන හැමදාම එයාට හරියනවා කිව්වා...

මධුරගේ පෙම්වතිය රෙඛෙකා කථා කරයි

පසුගිය දිනවල රටම කළඹවාලමින් වාර්තාවූ රත්මලාන මව හා දරු දෙදෙන ඝාතනයේ නඩු විභාගය පෙරේදා ගල්කිස්ස අධිකරණයේ විභාගවූ අවස්ථාවේ මේතාක් සැගවුණ චරිතයක් බවට පත්ව සිටි සැකකාර සැමියාවන මධුරංගගේ අනියම් පෙම්වතිය සාක්ෂිදීමට පැමිණ සිටියාය..

සින්දියා රෙඛෙකා ප්‍රනාන්දු නම් වූ ඇය මීගමුවේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සේවය කරමින් සිටින 20 හැවිරිදි තරුණියකි.

ත්‍රිත්ව ඝාතන චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණ මධුර ද සිල්වා නමැති සැකකාර සැමියා මේ සියල්ල කර තිබුනේ මෙම පෙම්වතිය සමග පැවති අනියම් සම්බන්ධය නිසාය.

බිරිය හා දරු දෙදෙනා මරා ඔහු බලාපොරොත්තුවී තිබුනේ මෙම තරුණිය සමග දීග යාමටය.
මාරවිල පදිංචි මධුරගේ පෙම්වතිය සින්දියා රෙබේකා මෙනවියගෙන් උසාවියේදී සහකාර පොලිස් අධිකාරිවරයා ඇසූ ප්‍රශ්න සහ ඇය ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - මධුර කොහොමද අඳුර ගත්තේ?
රෙඛෙකා - 2012 නොවැම්බර් අන්තිම සතියේ මිස් කෝල් වගයක් තිබුණා. එස්. එම්. එස්. වගයකුත් තිබුණා.

ප්‍රශ්නය - මොනවද කෙටි පණිවුඩවල තිබුණේ.
රෙඛෙකා - ඉංග්‍රීසි භාෂාවෙන් මාව හඳුනනවා. මට කතාකරන්න එපා කියලා තිබුණා. මම ප්‍රතිචාර නොදක්වා ඉඳලා දිගින් දිගටම මිස්කෝල් එන නිසා දුරකතන ඇමතුමට ඇමතීමක් කළා.

ප්‍රශ්නය - ඒ පැත්තෙන් කවුද කතා කළේ.
රෙඛෙකා - මධුර කියල කෙනෙක් කතා කළා. මගේ නම්බරය කොහෙන්ද සොයා ගත්තේ කියලා ඇහුවා.

ප්‍රශ්නය -ඒකට මොකද කිව්වේ.?
රෙඛෙකා - ඒකට මුකුත් කිව්වේ නැහැ. ඔහුගේ රැකියාව සහ අම්ම විතරයි ඉන්නේ කියලා කිව්වා. පියා මියගිහින් කියලත් කිව්වා. ඉන්නේ කළුතර කියලත් කිව්වා. ඊට පස්සේ වෙන දෙයක් අහන්න කියලා කිව්වා. එයා කොයි වෙලාවෙවත් දුරකතන අංකය දුන්නේ කවුද කියලා කිව්වේ නැහැ. එයා කතා කළේ ඉංග්‍රීසියෙන් වයස 27 යි කියල කිව්වා. ආයි ඒ අවුරුදු 4 කට ඉස්සරවෙලා කියලත් කිව්වා. මම ඇහුවා යාළුවෙක්ගෙන් හරි නම්බර් එක ගන්න කොහොමද මාව දන්නේ කියලා. ඔහු කිව්වා පිටකොටුවට යන බස්එකේදී දැක්කා කියලා.

ප්‍රශ්නය - ඔබ පංති එන්නේ කොහෙද?
රෙඛෙකා - මම ටොරින්ටන්හි පිහිටි ආයතනයකට ප්‍රංශ භාෂාව පිළිබඳ ඩිප්ලෝමා එකක් හදාරන්න එනවා. එන්නේ සති අන්තයේ. පෙරවරු 9.00 ට පටන් අරන් පෙරවරු 11.30 ට අවසන් වෙනවා.

ප්‍රශ්නය - ඔබ හමුවෙලා මොනවද කිව්වේ.
රෙඛෙකා - දවසක් මං ගැන හිත හිතා ඉන්න කොට එන්. අයි. බී. එම්. ආයතනයට යන යාළුවො වගයක් ෆේස් බුක් එකේ ඔයාව දැකලා ඒ අය කතා කරන කොට නම්බරය දැනගත්ත කියලා කිව්වා.

ප්‍රශ්නය - ඊට පස්සේ
රෙඛෙකා - මම කොටුවට යන නිසා ගිහින් දාන්නම් කිව්වා. පැය කාලක් විතර යන කොට කොටුවට ගියා. ඊට පස්සේ කතා කරන්න ඕන කියලා මාරවිලට ඇරලවන්න ගියා.

ප්‍රශ්නය - ඒ යන ගමන් මොනවද කිව්වේ.
රෙඛෙකා - එයා මැරි කරලා නැහැ කිව්වා. මම ගැන ආදරයක් ඇතිවුණා කිව්වා. ඔයා වගේ හරි කෙනෙක් හමුවුණ නිසා ආදරයක් ඇතිවුණා කිව්වා.

ප්‍රශ්නය - මම ඇහුව ප්‍රේම සම්බන්ධයක් තිබ්බද කියලා.
රෙඛෙකා - ප්‍රේම සම්බන්ධයක් තිබ්බා කියලා කිව්වා. ඒක අවබෝධයක් නැතිකමින් හා වයසත් එක්ක ගැළපෙන්නේ නැති නිසා මග ඇරුණා කිව්වා. කාර්යබහුල නිසා විවාහය පහු වුණා කියලත් කිව්වා. මට දැන් ඔයා එක්ක ආශ්‍රය කරන්න වෙලා තියෙනවා කියලා කිව්වා. මට ඔයත් එක්ක ජීවත් වෙන්න ඕන කරන හැම දෙයක්ම තියෙනවා කිව්වා. මම ඉල්ලන එකම දෙය දෙන්නෙක්ට ආදරය කරන්න කියලා ඉල්ලන එකයි කිව්වා. දෙන්නා කවුද ඇහුවම මම සහ මගේ අම්මා කියලා කිව්වා. සවස 2.45 විතර යනකොට අපි මාරවිලට ගියා.

ප්‍රශ්නය- ඊට පස්සේ හමුවුණේ කවදාද?
රෙඛෙකා - ඊළග සෙනසුරාදා. ඊට පෙර එයා මට දුරකතනයෙන් කිව්වා එයාගේ කම්පැණියෙන් එවෝර්ඩ් (සම්මානයක්) හම්බවුණා කියලා. කාරයකුත් ගන්න ඕන කියලා කිව්වා. මම හමුවෙන හැමදාම එයාට හරියනවා කියලා කිව්වා.
ඔහු මගෙන් ඇහුවා මගෙන් මොනවද ඕනේ කියලා. මම කිව්වා මුකුත් එපා කියලා. මම ඔයාට මොනවා හරි ගෙනත් දෙන්නම් කියලා කිව්වා. දවසක් යන ගමන් ගෝල්ෆේස් එකේදී මුද්දකුයි පබලුවලින් හදපු වළලු වගයකුයි අරන් දුන්නා. යන ගමන් වත්තල මැක්ඩොනල්ඩ් එකෙන් කෑම ගත්තා.

ප්‍රශ්නය - යන ගමන් මොනවද කිව්වේ.
රෙඛෙකා - මම කිව්වා ඔයා බෞද්ධ මම ආගමේ කියලා. ඊට පස්සේ ඔහු අපේ ආගම ඉගෙන ගන්නම් කිව්වා. එයා කතාකරන කොට විනාඩි දහයක් පමණ අපේ ආගම ගැන ඉගෙන ගන්න ප්‍රශ්න ඇහුවා. අම්මලා අකමැති නම් ප්‍රශ්නෙ ඒකනේ. වෙන අකමැතිවෙන්න ප්‍රශ්න නැහැනෙ කියලා කිව්වා. මම ගෙදර එනකොට රාත්‍රි 8.45 පමණ වෙනවා. රාත්‍රි 9.00 9.15 ට පමණ දුරකතන ඇමතුම ගන්න කිව්වා.

ප්‍රශ්නය - මේ සම්බන්ධ ඔබේ දෙමව්පියන් දැනගෙන හිටියද?
රෙඛෙකා- මම ඔහුට කියලා තිබුණේ නැතිවුණාට අම්මට කියලා තිබුණා.

ප්‍රශ්නය -අම්මා මොනවද කිව්වේ
රෙඛෙකා - හඳුනගෙන තවම සති තුනයිනේ එයා ගැන හොයා බලන්නම් කිව්වා.

ප්‍රශ්නය -ඊට පස්සේ.
රෙඛෙකා - මම පහුවෙනිදා (ඉරිදා) පල්ලියට යනකොට ෆෝන් එක දාලා ගියා. එතකොට මධුර කතා කරලා මැසේඡ් එකක් දීලා ෆෝන් එකේ සල්ලි නැතිව ඇති කියලා හිතල සල්ලි දාලා තිබුණා. ඊට පෙරත් සල්ලි දාලා තියෙනවා. ඊට පස්සේ ගෙදර ඇවිත් කතාකරාම මධුර කේසෝන් යනවා කියලා කිව්වා. එතන ඉඳන් කෝල් කරා මම සෙන්ට් එකක් ගත්තා ඔයාටත් ගන්නද කියලා. මුලින් ගන්න එපා කියලා පසුව ගන්න කිව්වා. හැමදාම රෑට අඳුනගත්තයින් පස්සේ පැයක් විතර කතා කළා.

ප්‍රශ්නය - 17 වැනිදා (මිනීමැරුමට පෙර සඳුදා) මොකද වුණේ.
රෙඛෙකා - මධුරගේ ෆෝන් එක වැඩ කරන්නේ නැතිව තිබුණා. මම මැසේඡ් එකක් දාලා ඇහුවා ඇයි කතාකරන්නේ නැත්තේ කියලා. එතකොට එයා හදිසි ටේ්‍රනින් එකක ඉන්නේ කියලා මැසේඡ් එකක් එවලා එතන කතාකරන්න බැහැ කියලා කිව්වා. ඊට පස්සේ ආයතනයේ ලක්ෂ ගාණක පාඩුවක් වෙලා ඒ ගැන හොයනවා කියලා මැසේඡ් එකක් එව්වා. ඊට පස්සේ රාත්‍රි 8.00 ට රූපවාහිනි බලන්න කියලා මැසේඡ් එකක් එව්වා. මම ඇහුවා මෙච්චර ප්‍රශ්නවෙලා තියෙන වෙලාවේ ඇයි රූපවාහිනිය බලන්න කියන්නේ කියලා.

ඊට පස්සේ හදිසි ඉන්ක්වරි එකකට සිංගප්පූරු යන්න වෙලා කියලා මැසේඡ් එකක් එවලා තිබුණා. ඊට පස්සේ එයාර්පෝට් යන ගමන් කියලා මැසේඡ් එකක් ආවා. ඊට පස්සේ මධුරගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණා. පසුදා පාන්දර එයා සිංගප්පූරු ගියා කියලා මැසේඡ් එකක් එවලා තිබුණා. ඒ මැසේඡ් එකේ ප්‍රශ්නය ඉවර කරගෙන මම මැසේඡ් කරන්නම් කියලා තිබුණා. ඊට පස්සේ ඉන්ක්වයරි කරන කට්ටිය ඔයාට කෝල් කරයි ඒ නිසා ෆෝන් එක ඕෆ් කරල තියන්න කිව්වා. මගේ පාසලේ ළමයි කතා කරන නිසා ඕෆ් කරන්න බැහැ කියලා කිව්වා.

ඊට පස්සේ ගල්කිස්ස පොලිසියෙන් කතා කරලා විස්තරේ කිව්වම තමයි මම දන්නෙ හැම දෙයක්ම. අපිට පොලිසියට එන්න කිව්වා.

ඉදිරිපත්වූ සාක්ෂි කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළ සාක්ෂි ලබන 16 වැනිදා නැවත කැඳවන ලෙසත් නියෝග කරමින් මරණ පරීක්ෂණ වාර්තා සඳහා නොතිසි නිකුත් කරනු ලැබුවා.

මෙම නඩු විඵාගයට මධුරද පැමිණ සිටියා.පොලිසිය දන්වා සිටියේ සැකකරුගේ මව මේ වනවිට රත්මලාන නිවස අතහැර ගොස් ඇති බවයි. ඇය සාක්ෂි සඳහා කැඳවීමට ඉදිරියේදී  නියමිතව තිඛෙනවා.
නඩුවිභාගය ගල්කිස්ස අධිකරණයේ විභාගවීමට පෙර ඝාතනයවූ ගුරුවරියගේ පාසල් සිසු දෙමාපියන් සහ හිතවතුන් අධිකරණය හමුවේ විරෝධතාවක නිරත වූයේ මධුර වෙනුවෙන් නීතීඥයින්ට පෙනී නොසිටින්නැයි ඉල්ලමිනි

රත්මලාන ත්‍රිත්ව ඝාතනය ගැන පෙර ලිපි

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us