Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව ඉන්දුනීසියානු කාන්තාවකගේ...

රිසානා සවුදියේම මිහිදන් කර අවසන්ලූ..

ලංකාවේ තානාපතිට තාවකාලික කැඳවීමක්..

පෙරේදා දිනයේදී  රිසානාට මරණ දඩුවම දුන් වීඩියෝ පටය බව දක්වමින් වීඩියෝවක් මේ වනවිට ෆේස්බුක් හා වෙනත් වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිවා...

නමුත් අප වෙත දැනගන්නට ලැබෙන්නේ එය රිෂානාගේ නොව 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහසේවිකාවක මරා දමන වීඩියෝවක් බවයි.
ඒ බව පැහැදිලි වන්නේ ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව විසින් එම වීඩියෝව ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවට විකාශය කර තිබීම නිසාය.

අරාබි බසින් එහි දැක්වෙන්නේ قطع رأس خادمة أندونيسية بمكة යන්නයි. එහි ඉංග්‍රීසි පරිවර්තනය Indonesian maid was beheaded in Mecca  යන්නයි.

කෙසේ වෙතත් රිසානා මරා දමන්නට ඇත්තේද මේ ආකාරයට විය හැකි බවට අපට උපකල්පණය කරන්නට හැකිය.එම වීඩියෝව පහතින්
සංවෙදී අය මෙමෙ වීඩියෝව නැරබිමෙන් වලකින්න..

රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව පහතින්.


එය ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවත් සඳහන් වන වීඩියෝව පහතින්.


රිසානා සවුදියේම මිහිදන් කර අවසන්ලූ..
පෙරේදා දිනයේදී සෞදි අරාබියේ දී හිස ගසා මරා දැමුණු රිසානා නෆීක්ගේ දේහය එරට දී මිහිදන් කර තිඛෙන බව වාර්තා වනවා. මෙරට සෞදි තානාපති කාර්යාලයට ඒ පිළිබඳ දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිඛෙනවා.

රිසානා නෆීක්ගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය විසින් සෞදි රජයෙන් ඉල්ලීමක් කර තිබුණත් ශරියා නීතිය අනුව මරා දමන අය නැවත මව් රටට නොයවන බව වාර්තා වුණා.

මහනුවර නගර සභාවෙන් රිසානා පවුල වෙනුවෙන් ගෙයක්...
මේ අතර රිසානා වෙනුවෙන් ලංකාවේ අයට කළ හැක්කේ කුමක්ද යන්න ගැන දැන් තැන තැන කථා වෙනවා. ඇගේ දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව නිවසක් ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ අවධානය යොමුව ඇති බවද වාර්තා වනවා.

මහනුවර මහ නගර සභාවේ නගරාධිපති මහින්ද්‍ර රත්වත්තේ මහතාගේ මූලිකත්වයෙන් මහනුවර දුම්බර සිංහ සමාජයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු වූ රාජා පුෂ්පකුමාර මහතා නව නිවස ඉදිකර දීමේදී සිංහ සමාජ ඇතුළු ප්‍රජා සංවිධානවල දායකත්වයද ලබාගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා.

සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානාගේ ගෙල සිඳ මරා දැමීමත් සමග කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස් ගණනක් ඊයේ (10 වැනිදා) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළා.

ජීවිතය බේරා දෙන ලෙස මුළු ලෝකයම ඉල්ලා සිටියදී සෞදි අරාබියේ ශාරියා නීතියට අනුව මරණ දඩුවම නියම වූ රිසානාගේ නිවසට යන ඕනෑම කෙනෙකුට දක්නට ලැඛෙන්නේ දරුවන් සිව්දෙනකු සමග දිළිඳු පැල්පතක කටුක දිවියක් ගෙවන දරු පවුලකි.


මුතුර් ප්‍රදේශයම මේ වන විට එකම මළ ගමක් වී ඇත. රිසානාගේ මව සරිනා හෂික් (43) පැවසුවේ තම දියණිය රිසානා ගෙනත් දෙන බවට හැමෝම තමන්ව රැවටූ බවයි. අඩුම ගණනේ තම දියණියගේ මළ කඳවත් ගෙනත් දෙන්නැයි ඇය ආයාචනා කර සිටියත් එය ඉටු වූයේ නැත.

රිසානාගේ පියා උණ රෝගය වැළඳී මීට දින කීපයකට පෙර සිට මුතුර් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. ඇයගේ එකම මල්ලී වන එස්. රිස්කාන් පැවසුයේ,

අක්කා ගියේ අපිට දුක් විඳින්න බැරි නිසයි -රිසානාගේ මල්ලී කියලා
මගේ අක්කා සෞදි යන විට මම ඉතා කුඩායි. අක්කව මට මතක නැහැ. අක්කා රට ගියේ තාත්තා දුක්විඳිනව බලන් ඉන්න බැරි නිසයි. අපි හිතුවේ අපිට අක්කාව දකින්න පුළුවන් වෙයි කියලා. නමුත් අක්කට මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. අනේ අපිට අක්කගේ මළකඳවත් ලබාදෙන්න. ලෙසිනි.

ලංකාවේ තානාපතිට තාවකාලික කැඳවීමක්..
මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය තීරණය කරා. සෞදි අරාබියාවේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කළ රිසානා නෆීක් වෙත මරණ දඩුවම ලබාදීමත් සමගඟ ශ්‍රී ලංකා තානාපති අහමඩ් ඒ ජවාඩ් මහතා යළි ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවා.

රිසානා නෆීක් වෙත සමාව ලබාදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය, තානාපති අංශ මෙන්ම විවිධ පාර්ශවයන් විසින් විවිධ අවස්ථාවන්හිදී සෞදි රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද ඒ සියල්ල පසෙකලා ඇයට මරණ දඩුවම ලබාදීම හේතුවෙන් මේ තීරණය ගෙන තිඛෙන බව කියැවෙතත් ලංකාව සවුදිය සමග තානාපති සබඳතා අත්හරින බවක් එයින් අදහස් වන්නේ නැත.


-සම්බන්ධිත පුවත්-

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us