Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දෝෂාභියෝගයේ දෙපැත්ත...!

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව ඊයේ (10) කොළඹදි විරෝධතා දෙකක් පැවැත්විය.

දෝෂාභියෝගයට එරෙහිව ශ‍්‍රී ලංකා නීතීඥ එකමුතුව විසින් කොළඹ අලූත්කඩේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ඊයේ දිනයේදී සාමකාමී පා ගමනක නිරතවීමට සැළසුම් කර තිබුනේ නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව සමගිනි.

මෙහිදී දෝෂාභියෝගයට පක්ෂව ආණ්ඩුව විසින් රැගෙන ආ උද්ඝෝෂණයට පක්ෂ පිරිස් අතර පොලු හමුදාවක්‌ ද විය.
එම පොලු හමුදාව සඳහා ආරක්ෂාව පොලිසිය විසින් ලබාදුන් අතර පොලු හමුදාව සිටියේ පොලිසියට මුවා වෙමිනි.

ඒ අනුව ඊයේ දිනයේ පැහැදිලි ලෙසම දෝෂාභියෝගයට විරුද්ධ පාර්ශවය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් එවන ලද පොලු හමුදාවට නිර්ලජ්ජිත ලෙස පොලිසිය විසින් ආරක්ෂාව ලබාදුනි.

රජයට විරුද්ධ ප්‍රකාශ ලබාදුන් පුද්ගලයන්ට ඊයේ දිනයේ මහ මගදී කිසිදු බියකින් තොරව එලාවාගෙන පහර දෙද්දී පොලසිය ඒවා නුදුටුවාක් මෙන් සිටි අතර දෝෂාභියෝගයට විරුද්ධ පෙළපාලිය නැවත්වීමට දැඩි වෙහසක් ගෙන කටයුතු කළේය.

මෙම සිද්ධියෙන් පසු බොහෝ දෙනෙකුට සිහියට නැඟුනේ කටුනායක සේවකයෙකු පොලීසිය විසින් මරා දැමීමට විරෝධය පා පසුගිය වසරේ ජූනි මාසයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවයකට පහරදීමට දුමින්ද සිල්වාගේ විසින් පොලු හමුදාවක් යොදවා තිබූ අයුරුයි.

පොලු මුගුරු රැගත් විශාල පිරිසක් රැස්වූ එම ක්‍රියාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සාධාරණීකරණය කලේ "හදිසියකට බල්ලෙක් ට ගහන්න වත් පොල්ලක් රැගෙන පාරේ යාම වරදක් නොවන බව" පවසමිනි.


පොලු හමුදාවේ ගැටවරයෝ

පොලුත් සමග බියක් නොමැති සුහද කතා
පොලු හමුදාව පදිකයෙකුට පහරදුන් ආකාරය

උඩ පැන පහරදීමක් ජායරුපගතවූ ආකාරය (ෂෙහාන් ගුණසේකර)

විරුද්ධ පාර්ශවය එනතෙක්...
 දුමින්දගේ අඩුව මැකීමට අලුත් පොලු හමුදාවක්


පොලු මග දමා විසිර යද්දී


පරිසර සංරක්ෂණ භාරයේ සභාපති තිලක් කාරියවසම් මහතාටඅමානුෂික ලෙස පහරදුන් ආකාරය


දේශපාලකයන්ගේ ආගමනය

දෝෂාභියෝගයට සහය පලකිරීමට පැමිණි අගමැති

දෝෂාභියෝගයට විරුද්ධ වූ දේශපාලන පක්ෂ නායකයින්



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us