Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දෝෂාභියෝගය සම්මතයි අගවිනිසුරු ගෙදර යවන්නට ජනපතිගේ අත්සන විතරක් අඩුයි..

මොහාන් පීරිස්ට බඹරය කැරකෙන ලකුණු..

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝගයේ විවාදය දින දෙකක් පැවති අතර අද එය අවසන් වූයේ ජන්ද විමසීමකිනි.

අකාරාදි පිළිවෙල අනුව නම් වශයෙන් ආරම්භ වූ එම ඡන්ද විමසීම මීට ස්වල්ප මොහොතකට පෙර අවසාන වුනා.

ඒ අනුව වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මතවී තිබෙනවා.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 155ක් සහ විපක්‍ෂව ඡන්ද 49ක් ලැබුණු අතර මන්ත‍්‍රීවරුන් 20 ඡන්දය දීමෙන් වැලකී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද විවාදය සඳහා පැමිණ සිටියේ නැත.

ඡන්ද විමසීමෙන් ලැබුණු ප්‍රතිඵලය අවසන් වශයෙන් කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යෙමු කිරීමට නියමිතය

එහිදී ජනාධිපතිවරයා විසින් එකී යෝජනාව පිළිගෙන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කරනු ලැබුවහොත් මීළගට අදාළ ධූරයට පත්වෙනු ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ උණුසුම් කතා බහක් පැතිරයමින් තිඛෙනවා.

ඒ අනුව හිටපු නීතිපති මොහාන් පීරිස්,ශිරාණි තිලකවර්ධන, සත්‍යා හෙට්ටිගේ යන තිදෙනාගෙන් අයෙකු පිළිබඳ බොහෝ දෙනකු බලාපොරොත්තු තබා තිඛෙනවා.

දැඩි රාජපක්ෂ විරෝධියෙකු වූ හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් නන්ද සිල්වා මහතාද මෑත කාලයේ ජනාධිපතිවරයාගේ ගුණ වැයීම පිළිබඳවත්, අගවිනිසුරුවරියට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් දියත් කිරීමත් හේතුවෙන් තවත් පිරිසක් සැක සංකා මතු කරමින් සිටිති.

කෙසේ වෙතත් අලුත්ම ආරංචි මාර්ග මගින් හෙළිදරව් වෙමින් පවතින්නේ මොහාන් පීරිස් මහතාට අදාළ තනතුර ලැබීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us