Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මර්වින් කැලණිය අත්හරියි..!

දෝශාභියෝග උණුසුමේ මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි..

මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (11) පස්වරුවේ හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, ජනාධිපතිවරයා එය පිළිගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයට මේවන විට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා අතර අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුද සිටින බව සඳහන්ය.

කෙසේ වෙතත් එකී සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද පරීක්ෂණ කටයුතු සඳහා තමන් සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත් කැලණිය ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශයේ බොහෝ දෙනකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ මර්වින් සිල්වා අමාත්‍යවරයා තාවකාලිකව හෝ සංවිධායක ධූරයෙන් ඉවත් කළ යුතු බවයි.

මේ අතර පසුගියදා කැලණිය ශ්‍රීලනිප පක්ෂ කාර්යාලය පිහිටි නිවස අයත් ඉඩමේ තිබී කඩු දෙකක් සහ ග්‍රේනේඩ් වර්ගයේ බෝම්බයක්ද සොයා ගැනීමට පොලීසියට හැකිවිය.

නමුත් අප මතක තබා ගත යුතු කරුණ වන්නේ මර්වින් සිල්වා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්තාව මෙය නොවන බවත් ඒ සෑම අවස්තාවකම ඔහු නැවතත් සංවිධායක ධුරයට පත්වූ බවත්ය

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us