Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Update(9) 01/17/2013 08:50 AM
කාමරයේ මිනී පිච්චෙද්දිත් මුකුත් දන්නෑ වගේ මගේ සීනි චෙක් කරන්න පුතා ආවා..

යාළුවො කියනව වෙබ් එකේ මාව සැකකරල කියලත් පුතා කිව්වා - මධුරගේ මව..

රත්මලාන ගොළුමඩම මංසන්ධිය අසළ නිවසක් තුළ සිය බිරිද සහ දරු දෙදෙනා ඝාතනය පිළිබඳ නඩු විභාගය ඊයේ යළි විභාගයට ගැනුණු අවස්ථාවේ එහි සාක්ෂි දීමට පැමිණි සැකකාර මධුරගේ හදා වඩාගත් මව සහ එම නිවසේ මෙහෙකාරිය සිද්ධිය ගැන තවත් අලූත් කරුණු හෙළිදරව් තිබෙනවා .

කාමරයේ ගින්නෙන් බිරිය හා දරුවන් ඝාතනය කර තිබියදී කිසිවක් නොදන්නා ගානට උදේ තමන්ගේ සීනි පරීක්ෂා කරන්නට පුතා පැමිණි බව මධුරගේ මව ප්‍රකාශ කරනවා.
කාමරයේ ගින්න දැක සචේතනා හා දරුවන් පිළිස්සී ඇති බව කෑ ගසා ප්‍රකාශ කළ අවස්ථාවේ මධුර ඔවුන් රෝහලට ගෙනයන්නට උනන්දු නොවූ බවත් ඇය ප්‍රකාශ කළා.

සිද්ධියෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන සිටියදීත් මේ සියල්ල තමාගෙන් වසං කළ බවත් යාළුවො කියනව වෙබ් එකේ තියනව මං සැකයි කියල ඒත් මං එහෙම දෙයක් කරේ නෑ යනුවෙන් පැවසූ බවත් ඇය පවසා තිබෙනවා


සැකකරු ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය.ඒ, ඔහු ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
(16) දිනයේ සැකකරුගේ මව සහ නිවසේ මෙහෙකාරිය මහේස්ත්‍රාත්වරිය හමුවේ සාක්ෂි ලබා දුන්නාය.

පසුව සැකකරු ප්‍රකාශයක් කිරිමට මහේස්ත්‍රාත්වරියගෙන් අවසර ඉල්ලා සිටි අතර එය මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.


හැට හැවිරිදි පද්මා කළාණි සිල්වා මහත්මිය මේ ගැන කළ විස්තරය රිවිර පුවත්පතේ සටහන්ව තිබුනේ පහත පරිදිය.

රත්මලාන ත්‍රිත්ව ඝාතනය ගැන පෙර ලිපි

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us