කොළඹ, චෛත්‍ය රෝඩ්හි පිහිටි ඉන්ටර්කොන්ටිනල් හෝටලය පිටුපස ගොඩනැඟිල්ලක අද පස්වරු 3:30 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා..
අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එම ඉදිකිරීම් සිදු කරන සේවකයින් නැවතී සිටින අට්ටාලයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය කියා සිටියි..
කෙසේ වෙතත් මේ වන විට කොළඹ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මුලුමලින්ම නිම දමා ඇති බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.










