Nokia Lumia 800 වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකතනයක් සොරාගෙන තිබුනේ මින් මාස දෙකකට පමණ තුන්මුල්ල ප්‍රදේශයේ අවන්හලක් තුලදීය...
මාස දෙකක පමණ කාලයක් යනතුරු දුරකථනය සොරාගත් තැනැත්තා විසින් එම දුරකතනයට කිසිදු සිම් පතක් භවිතා නොකර සිටීමෙන් දුරකථනය පිලිබදව කිසිදු තොරතුරක් ලබා ගැනිමට පොලිසියට හැකිවුයේ නැත..
නමුත් මස දෙකකට පසුව සොරාගත් ජංගම දුරකතනයේන් චායාරුප දෙකක් ලබාගෙන තිබෙනවා..
එතැනදී සිදුවන අත් වැරදීම මෙමෙ සොරකමේ සුලමුල සොයගැනිමට ඉවහල් වී තිබෙනවා.. කොල්ල කරු පිලිබදව පළමු ශාක්ෂිය ලැබෙන්නේ මෙම චායාරුප හරහායි...
ඊට හේතුව මම ජංගම දුරකතනයේ අයිති කරු ඉන් ලබා ගන්න සියලු චායාරුපයක්ම තමන්ගේ Facebook වෙබ් ගිණුමට ලැබෙන සේ සකස් කර තිබීමයි...ඒ අනුව මෙමෙ චායාරුප දෙකත් දුරකතනයේ හිමිකරුගේ Facebook ගිණුමට පැමිණියා..
එම චායාරුප ලබාගත් ස්ථානය සහ වේලාව නවීන තාක්ෂනය මගින් සොයා ගැනිමටද පොලිසියට හැකිවිය..සිදුකල ගවේෂණයේදී දුරකථනය සොරාගත් පුද්ගලයාගේ තොරතුරු රැසක්ද සොයාගනු ලැබුවා.ලබා ගත් සිතියමේ සටහන්ව තිබුනේ කටුබැද්ද ප්‍රදේශයේදී දුරකථනය භවිත කර ඇති බවයි...
ඉන් අනතුරුවයි කොල්ලුපිටිය පොලිසිය දුරකථන කොල්ලකරු සිටින ස්ථානය නිශ්ශිතව හදුනා ගත් අතර පොලිසිය ඒහි යන විටත් කොල්ලකරු එම ස්ථානයෙන් පලා ගොස් තිබුනි....
පසුව සොරාගත් පුද්ගලකු හදුනන පුද්ගලයෙක් මගින් ඔහු අමතා ඇති අතර දුරකථනය බම්බලපිටිය ප්‍රදේශයට ගෙන බාරදීමට සොරාගත් පුද්ගලයා එකඟවී ඇත.
දුරකථනය ගැනීමට බම්බලපිටියට ගිය විට එහි පැමිණ තිබුන දුරකථනය ඔස්සේ ජයාරූප ගතවූ සොරකම් පුද්ගලයාගේ පෙම්වතියයි. එහිදී පෙම්වතිය පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඊට පසු දිනයේ සොරාගත් පුද්ගලයාද පොලිසියට බාරවිය.





.jpg)