Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

පවුලක් කඩලා පවුලක් ලෙස එකතු වෙන්න හිතුවෙ නෑ..

ඇය තුළ හැම දෙයකටම සීමාවක් නෑ.......

නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව අද දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ප්‍රසිද්ධ කොට තිබෙනවා..

මෙය මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේද මෙම අරමුණෙන් බව අප විසින් මෙයට පෙර හෙළිදරව් කරනු ලැබුණි.
පසුගිය කාලයේ මාධ්‍යයට දිවා රෑ නොබලා තමාත් මේනකත් අතර සම්බන්ධයක් නොමැති බව කියූ නෙහාරා එම මුවෙන්ම පහත වදන් ලිස්සා හැර තිබුනේ කිසිවක් නොදන්නා කෙනෙකු මෙනි...

දෙදෙනාට දෙදෙනා අසීමිත ලෙස ආදරය කරන බවත් අහිමිවුණ දේවල් ගැන දුක් නොවන බවත් ඔවුන් කියනවා.

මෙම සාකච්ඡාවේදී උපුටාගත් කොටස් කිහිපයක් පහත පරිදිය.

--------------------මේනක දුන් පිළිතුරු ----------------------
පුංචි තිරයේ ඔබ වැඩිපුරම පෙම් කරල තියෙන්නේ කාටද?
නෙහාරට

සැබෑවට?
සැබෑවටත් නෙහාරට තමයි

ඔබ නෙහාරගෙ දකින විශේෂ ගතිගුණ මොනවාද?
නෙහාර සීමාවක් නැතිව ආදරය කරන කෙනෙක්. නෙහාරව ලබන කෙනා හරි වාසනාවන්තයි කියල මට නම් හිතෙන්නෙ. ඇය තුළ හැම දෙයකටම සීමාවක් නෑ.

ඔබ හරි වාසනාවන්තයි කියලද කියන්නෙ?
පැහැදිලිවම මම නෙහාරගේ ආදරය ලබන්න තරම් වාසනාවන්තයි.

ජනපි්‍රයත්වය සමග අහිමිවුණ දේවල් තියෙනවා නේද?
පහුගිය දවස්වල විවිධ කටකතා ඇතිවුණා. සමහරු ඒවා පිළිගත්තෙ නෑ.අපිත් එක්ක හිටපු සමහරු දන්නවා ඇත්තටම සිද්ධවුනේ මොකක්ද කියල. පවුලක් කඩලා පවුලක් ලෙස එකතු වෙන්න අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් කොහෙත්ම උවමනාවක් තිබ්ඛෙ නෑ.අපි දෙන්නගෙ කලින් හිටපු සහකරුවොත් ඉතාම හොඳ යාළුවො. දෙයක් ලැඛෙද්දි තවත් දෙයක් නැති වෙනවා.

අහිමිවුණ දේවල් ගැන දුක නැතිද?
කොහෙත්ම නෑ.

--------------------නෙහාරා දුන් පිළිතුරු ----------------------
නෙහාර හොර රහසේම මේනකට ආදරය කරනවා කියන්නෙ?
හොරෙන් නෙමෙයි. මං හිතන්නෙ මුළු ලංකාවම විතරක් නෙමෙයි. මුළු ලොකෙම දන්නවා අපි දෙන්නා සැබෑවට ආදරය කරනවා කියලා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පවා අපේ ආදරය දන්නවා. මං හිතන්නෙ ඒක රහසක් නෙමෙයි.

ඒ වුණාට පසුගිය කාලේ මේ දේවල් මාධ්‍යයට හැංගුවා නේද?
හැමදේටම වෙලාවක් තියනවා. ඔවුන් කතා හදල ප්‍රචාරය කරපු අවස්ථා තියනවා.ඒ ගොල්ලන්ට වැරදි වැටහීමක් තියෙද්දි අපි එහෙම කියන්න බැහැනේ. හැම දේටම වෙලාවක් තියනව. දැන්නම් හැමෝම දන්නවා.

මේනකගේ සැබෑ ජීවිතය ගැන මොකද හිතන්නෙ?
පොළවේ පයගහල ඉන්න කෙනෙක්. හැමදෙයකටම පුදුම ඉවසීමක් තියන පුළුල් විදියට හිතන කෙනෙක්. හැමෝටම උදව් කරන කෙනෙක්. මේනක කිව්ව වගේම මට ඔහුගේ ආදරය ලබන්නත් වාසනාවන්ත වෙන්න ඕනෑ. කිසිම සීමාවක් නැතිව ආදරය කරන කෙනෙක්. මට වචන හැහැ ඒ ගැන කියන්න.

නෙහාරගේ ජීවිතය මේ විදිහට වෙනස්වේවි කියල හිතුවද?
මම ගොඩක් බාල වයසෙදි වැරදි තීරණයක් ගත්තා. දැන් අත්දැකීම් නිසා හිතල බලල තමා තීරණ ගන්නෙ. ඇත්තටම දන්නෙ නැහැ අද මෙහෙම හිටියට හෙට මොනව වෙයිද කියල.

හැමදාම මෙහෙම ආදරය කර කර ඉඳල හරියන්නෑනෙ ජීවිත වල වෙනසක් නැද්ද?
ඒක පස්සෙ දවසක කියන්නම්.

පුවත්පත් සටහන - දිනේෂ් විතාන
ඡායාරූප - සිතුමිණ ප්‍රනාන්දු

Nehara Peiris And Menaka Rajapakse New Photo Shoot

Pics By : Sithumina Fernando

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us