Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ගොළු මුහුද තිබුණත්, ත්‍රස්තවාදය තිබුණත්, විරුද්ධවාදීන් හිටියත් මොන තරම් මාධ්‍යයෙන් අපහාස කළත් තමා අත පය හකුළන්නේවත් සැඟවෙන්නේවත් නැති බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ  නිදහස් පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් කැලණිය ආසන්නයේ සිය නිවාස වල සංවිධානය කරන ලද උත්සව කීපයකට සහභාගී වෙමිනි.

තමන්ගේ අත් දෙකේ ලේ ගෑවී නැති බවත්, ලේ ගාගන්නේත් නැති බවත් පැවසූ මර්වින් සිල්වා අමාත්‍යවරයා සත්‍ය ජයගත් දිනෙක ඔහු වෙනුවෙන් රතිඤ්ඤා පත්තුකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අතර තමන් යම් දිනෙක මියයන්නේද කැලණියේ බවත් ප්‍රකාශකර සිටියේය.

තමන් මේ දවස්වල කතා නොකරන බවද කතා කරන්නේ කෑමට පමණක් බවද පැවසූ ඇමතිවරයා තමා කැලණියට ආවේ මරණ වෙන්දේසියේ දාලා නොවන බවත් එදා තමන් කැලණියට එනවිට තිබු තත්ත්වයත් අද තත්ත්වයත් ජනතාව හොඳින් දන්නා බවද ඔහු පෙන්වාදුන්  අතර බුදු බණ දන්නා තමන් නොසෙල්වී, නොසැලි,. බිය‍ නොවී සිටින්නේ යැයිද ජනතාවගේ ශක්තිය තමාගේ ශක්තිය බවද  ප්‍රකාශ කළහ.

එසේම තමන් කැලණිය සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වූයේ ජනාධිපතිතුමාගේත් රජයේත් ගෞරවය ආරක්ෂා කිරීමට බවද අමාත්‍යවරයා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා

කැලණියෙන් මම යන්නෙත් නැහැ. තනතුරු ඇතත් නැතත් කැලණිය ජනතාවට සේවය කරනවා. කැලණිය ජනතාවට සේවය කරන්න ගිහින් මගේ ජීවිතය නැති වූණ දවසට අදාහනය කිරීමෙන් පසු අලු ටික පා කරලා යන්නේ කැලණි විහාරය ඉදිරිපිට කැලණි ගගේ දී. ජනතාවට සේවය කරන්න තනතුරු අවශ්‍ය නැහැ. කැලණිය ප්‍රාදේශිය සභාවේ මංත්‍රීවරු ඉස්සර කාමරවල සිටියේ. යන්න වාහන තිබුණේ නැහැ. ‍මම කැලණිය සංවිධානයක ධූරය භාරගන්නට පස්සෙයි මේ පිරිස වාහන අරන් සැපවත් ජීවිතයක් ගත කරන්නේ

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us