Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

රුවන්ගේ සිහින කුමරිය තමයි ෂෙරිල් ඩෙකර්..

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී …

පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත් නොදැක ඉන්න බෑ ගීතය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් රුවන් හෙට්‌ටිආරච්චිගේ පෙම්වතිය ෂෙරිල් ඩෙකර් බව හෙළිවි තිබෙනවා

තමන් තවත් දින තුනකින්, රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සමග විවාහ ගිවිස ගන්නා බව, ගායන ශිල්පී රුවන් හෙට්ටිආරච්චි “මාධ්‍ය කවුළුව”ට පැවැසීය.

රුවන් සහ ෂෙරිල් අතර, විවාහ ගිවිසගැනීම ලබන  සෙනසුරාදා (05) සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය.
මේ දිනවල බොහෝ විට කලා ලෝකයෙන් අපිට අසන්නට දකින්නට ලැබෙන්නේ වැඩිපුරම වෙන්වීම,දික් කසාද අඩ දබර වැනි අසුභ ආරංචියි.දිගින් දිගටම මේ වගේ දෑ වීමත් සමග එකම ක්ෂේත්‍රයේ…

ඒ කියන්නේ කලාවට සම්බන්ධ දෙදෙනෙක් එකට පෑහෙන්නේ නැති බවට රාවයක් පැතිර ගියා.නමුත් ඒ කතා කොහොම වෙතත් නව පරපුරේ ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චි නම් මේ කතා තඹේකට මායිම් කරන්නේ නැති පාටයි.

ඒ මොකද එයා මේ වන විටත් තමන්ගේ අනාගත සහකාරීය වශයෙන් තෝරා ගෙන තියෙන්නේ කලාවට සම්බන්ධ තවත් සුප්‍රසිද්ධ චරිතයක්…

රුවන්ගේ මේ සිහින කුමරිය තමයි ෂෙරිල් ඩෙකර්…..

රුවන් සේම ෂෙරිල් ද ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැගි තරුණියක්.අමා,දම්සාරී වැනි ටෙලි සිතුවම් වලින් අතිශය ජනප්‍රියත්වයක් ලබා ගත් ඇය මේ වන විට ලාංකාවේ ටෙලි නිළියන් අතරින් ඉහළින් වැඡඹෙන තරුවක්.

රුවන් හෙට්ටිආරච්චි මේ පිළිබඳව පවසන්නේ,

"මම ෂෙරිල්ව හඳුනාගෙන මාස පහක් පමණ වෙනවා. අප දෙදෙනා අතර, ඒ විදිහට ඇතිවුණු මිත්‍රත්වය කෙටි කාලයකින්ම ආදර සම්බන්ධතාවයක් බවට පත්වුණා. නමුත් ක්‍ෂේත්‍රයේ අයවත් ඒ ගැන හරිහැටි දැනගෙන සිටියේ නැහැ.

ෂෙරිල් මාව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කියලා මට වැටහුණා. ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය සහ ශක්තිය ඇගෙන් මට ලැබෙනවා. ඒ වගේම මමත් ඇයට මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. අපි දෙදෙනාට ඒ විදිහට සාර්ථක ගමනක් යන්න පුළුවන් බව අපට වැටහුණු පසුව අපි අපේ පවුල්වල උදවියගේත්, අපි අයත්වන දේව සභාවන්ගේ පූජකවරුන්ගේත් අනුමැතිය ලබාගෙන විවාහ දිවියට ඇතුළත්වෙන්න තීරණය කළා.

අපි මේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට ආරාධනා කළේ අපේ පවුල්වල සාමාජිකයන්,
ක්‍ෂේත්‍රයේ සමීපතමයන්, හිතවතුන් සහ අප දෙදෙනාගේ ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත්, පූජකවරුන්ට පමණයි. නමුත් අපේ විවාහ මංගලෝත්සවය මේ වසරේ මැද භාගයේදී ක්‍ෂේත්‍රයේ අයත් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්නයි. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ" යනුවෙනි


තමන්ගේ ආදර සම්බන්ධතාවය ගැන රුවන් කතා කළේ ඒ විදියටයි.


-සම්බන්ධිත පුවත්-

මේ දේවල් ලැබුණේ එක රැයකින් නෙමෙයි රුවන් හෙට්ටිආරච්චි
ප්‍රේම සම්බන්ධයක් තිබුණා ඒත් දැන් නැහැ - ෂෙරිල්
කොරියාවේ නටපු ෂෙරිල් ඩෙකර්...

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us