කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
සිය නිවස ඉදිරිපිට දී සිදුවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මඩවල මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබේ.
මුහුණු ආවරණය කරගත් හිස් පළඳනා පැළඳ යතුරු පැදියකින් ආ දෙදෙනකු රාත්‍රී 7.40 ට පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපටට විත් මන්ත්‍රීවරයා වාහනයෙන් බැසගත් අවස්ථාවේ ඔහුට වෙඩි තබා පළාගොස් තිඛෙන බව වාර්තා වනවා.
32 හැවිරිදි විවාහකයෙකු වන හසිත මඩවල කැලණියේ ප්‍රාදේශීය සභාවට පත්වී දැනට වසර 6 ක් ගතව තිබුණා.
හසිත මඩවල මහතා පසුගිය කාල වකවානුව තුළ කැලණිය මැතිවරණය කොට්ඨාශයේ සිදුවූ දූෂණ, අක්‍රමිකතා ඇතුළු යම් යම් ගැටලු සම්බන්ධව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග එක්ව හඬක් නැගූ පුද්ගලයෙකි.
කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතර පසුගිය කාලය තුළ පිල් බෙදීමක් සිදුවූ අතර ඝාතනයට ලක්වූ මඩවල මහතා ඒ අතරින් විකල්ප කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල සාමාජිකයෙකි.
සිද්ධිය පිළිබඳ තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.