Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

Update(2) 07/01/2013 13:00 PM


කොටුව මගී පාලම උඩදී පොලිස් පෙම්වතා පෙම්වතියගේ ඛෙල්ල කපා තමනුත් මැරෙන්නට වස බීලා..බලාසිටි සිගන්නිය සාක්ෂි දීලා

පෙම්වතිය මැරූ සැකකාර පෙම්වතා කොළඹ ආවේ මවට අසනීපයි කියා නිවාඩු දමාලු..

පොලිස් කොස්තාපල් පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයා කොළඹට පැමිණ ඇත්තේ සිය මවට අසනීප බව පවසා මොණරාගල පොලීසියෙන් නීත්‍යානූකූලව නිවාඩු ලබාගෙන බව අනාවරණය වී තිබේ.
ඔහු ඉකුත් 03 වැනිදා මොණරාගල පොලීසියෙන් එසේ නිවාඩු අනුමත කර ගෙන ඇත.

කොළඹ කොටුව ලෝටස් පාර ගුවන් පාළම මතදී අද පෙරවරු 6.30 ට පමණ පොලිස් කොස්තාපල්වරියක් ඝාතනය කර තිබුණි.

ඊට සම්බන්ධ බවට සැක කෙරෙන ඇයගේ පෙම්වතා වන පොලිස් කොස්තාපල්වරයා ඉන් පසු වස පානය කර තිබු අතර ‍ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පොලිස් මූලස්ථානයට අනුයුක්තව ක‍්‍රීඩා කොට්ඨාසයේ සේවය කළ 26 හැවිරිදි නිලධාරිණියකි.ඇය බිබිල නන්නපුරාව ප්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ නදිෂානි මධුභාෂිනි සමරසිංහ ලෙස හඳුනාගෙන ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයා වලපනේ ප්‍රදේශයේ පදිංචි නිලන්ත පුෂ්පකුමාර ලෙස හඳුනාගෙන ඇත.

සැකකරු මොණරාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නියුතු කොස්තාපල්වරයෙකි.

මොවුන් දෙදෙනා අතර වසරක පමණ කාලයක් තිස්සේ පෙම් සබඳතාවක් පැවති බවත් ප්‍රශ්න ඇතිවූ පසු පෙම්වතිය ඔහු වෙතින් ඉවත්ව යාම උහුලන්නට බැරිවූ තැන මෙම සිද්ධිය සිදුව ඇති බවත් වාර්තා වනවා.
මියගිය නදීෂානි ඇය ඊයේ පෙරවරුවේ සිය පුහුණුවීම් සඳහා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණපා ඇත.

ක්‍රීඩා පුහුණුවීම්වල යෙදුණු නදීෂානි දිනපතාම කොළඹ කොටුව පොලිස් ස්ථානයේ භටනිවාසයේ සිට එහි ගිය බව පැවසුණා.මේ දෙදෙනා අතර පෙම් සබඳතාව ගොඩනැගී ඇත්තේ මින් වසරකට පමණ පෙරයි.පොලිස් මූලස්ථානයට රාජකාරී වැඩකට දුරකථන ඇමතුමක් ලබාදුන් වෙලාවක නදීෂානි සමග මුලින්ම කතා කළ පුෂ්පකුමාර පසුව ඇයට වරින්වර පුද්ගලිකව කථාකරමින් පෙම් සබඳතාව ගොඩනගාගත් බව පැවසෙනවා.

පෙම්වතුන් ලෙස කාලයක් සිටියත් නදීෂානි සහ පුෂ්පකුමාර අතර මින් මාස කිහිපයක සිට ආරවුල් ඇතිව තිඛෙනවා. ඇයව සැකකරමින් ඔහු ඇය හා වාද විවාද වල පැටලී තිඛෙනවා. පසුව නදීෂානි පුෂ්පකුමාරගෙන් ඉවත් වීමට සැලසුම් කර ඒ බව පුෂ්පකුමාරට දැනුම් දී තිඛෙන බවත් එම අවස්ථාවේ ඔහු එයට විරුද්ධවී තිඛෙන බවත් වාර්තා වනවා.

එහෙත් නදීෂානි සියලු සබඳතා අතහැර දමා තමා සමග මින් පසු කතා කිරීමටවත් නොඑන ලෙස ඔහුට දැනුම් දී තිඛෙනවා.

ප්‍රේම සම්බන්ධය නතර කිරීම නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව සිටි පුෂ්පකුමාර පසුගිය 3 වැනිදා රාජකාරී නිවාඩු ලබා ගත්තේ තම මවට අසනීප බව කියමිනි. මොනරාගල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් නිවාඩු ලබාගත් පුෂ්පකුමාර කොළඹට පැමිණ ඇත්තේ නදීෂානිගෙන් පලි ගැනීමේ චේතනාවෙන් බව පරීක්ෂණවලින් හෙළිවී ඇත.

නදීෂානි සමග එකගතාවකට ඒමට අපහසු වූවොත් ඇය මරා දැමීමට විශාල මන්නා පිහියක් ද රැගෙන පැමිණි පුෂ්පකුමාර කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිට මගී පාලම මතට වී ඊයේ ඇය එන මග රැක සිට ඇත්තේ ඇය අනිවාර්යයෙන් උදේට ක්‍රිකට් පුහුණුවීම් යන බව දන්නා නිසාය.

ඊයේ උදේ 6.30 ට පමණ නදීෂානි මගී පාලම මතින් පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ මග රැක සිටි පුෂ්පකුමාර ඇය සමග මුලින් බහින්බස් වීමක් ඇතිකර ගෙන තිඛෙනවා.

නදීෂානි පුෂ්පකුමාරගෙන් ඉවත්වී යාමට සැරසෙද්දී එකවරම සගවා ගෙන සිටි මන්නා පිහිය ඉවතට ගත් ඔහු ඇගේ කෙස්වැටියෙන් අල්ලා සහාසික ලෙස ගෙල කපා ඇත. පසුව නදීෂානිගේ සිරුරේ ස්ථාන කීපයක්ම කපා දැමූ සැකකරු කලිසම් සාක්කුවේ සගවාගෙන ආ වස කුප්පිය ඉවතට ගෙන පානය කර තිඛෙනවා.

මෙම සියලු සිද්ධීන් මගී පාලම මත සිටි යාචක කාන්තාවක් දැක ඇති අතර ඇයගේ කෑගැසීම නිසා පොලිස් නිලධාරීන් එහි පැමිණ තිඛෙනවා.

ඒ අවස්ථාවේ වස පානය කර අසාධ්‍ය තත්ත්වයේ සිටි කොස්තාපල් පුෂ්පකුමාර රෝහල වෙත රැගෙන යැමට පොලිස් නිලධාරීන් කටයුතු කළා.

------------------------------------------------------------------

Update(1) 07/01/2013 07:45 AM
පොලිස් නිලධාරිනියක් ඝාතනය කෙරෙයි

කොළඹ, කොටුව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරිනියකගේ ගෙල කපා ඝාතනය කර තිබේ.

අද (07) උදෑසන 06.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බව සඳහන්ය.

මෙම කාන්තා පොලිස් නිලධාරිණිය පොලිස් දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අංශයට අනුයුක්තව සේවය කරන බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us