Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

බම්බලපිටියේ පිහිටි මුජ්රා (Mujra) සමාජ ශාලාවක් වටලා එහි නර්තනයේ යෙදුණු නේපාල කාන්තාවන් 11 දෙනෙකු පොලිසිය විසින් ඊයේ (18) රාති‍්‍රයේදී අත්අඩංගවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔවුන් මේ දක්වා අදාල පොලිස් ස්ථානයේ රදවාගෙන සිටින බවද ඉතා විශ්වාස කටයු‍තු ආරංචි මාර්ගයකින් වාර්තා විය.

බම්බලපිටිය පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව ද පැවසේ.

කෙසේවුවද මේ වැටලීමට කාන්තා පොලිස් නිලධාරිනියන් යොදාගෙන නොමැති බවද වාර්තා වේ.
මේ නේපාල කාන්තාවන් නර්තන ශිල්පිනියන් බවත් ඔවුන්ට ශී‍්‍ර ලංකාවේ රැඳී සිටීමට වීසා ඇති බවද පැවසේ.

කෙසේවවුද අදාල සමාජ ශාලාවේ හිමිකරු මීට පෙර එක් නේපාල කාන්තාවක් එහි පැමිණි පාරිභෝගිකයෙක් සමග පැනගොස් ඇති බවට බම්බලපිටිය පොලිසියේ පැමිණිල්ලක් කර තිබූ බවද වාර්තා වේ.

කෙසේවවුද අදාල පාරිභෝගිකයාගේ තොරතුරුද පොලිසියට ලබාදුන්නද ඔහු මෙතෙක් පොලිසිය කොටුකරගෙන නොමැති බවද පැවසේ.

එසේ පැනගිය කාන්තාව ඇගේ විදෙස් ගමන් බලපත‍්‍රද අදාල සමාජ ශාලාවේ දමා ගොස් ඇති බවද මේ අතර වාර්තා වේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us