Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දුම්රියේ සිගමනේ යෙදී මාස තුනක් සිරගෙදරට..

මගීන්ට පීඩාවක් සහ හිරිහැරයක්  වන අයුරින් දුම්රියක සිගා  කමින්  සිටි ආබාධිත පුද්ගලයින් දෙදෙනෙකු හා එක් ආබාධිතයෙකුට උදවු දුන් පුද්ගලයෙක් දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්  කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම තිදෙනා  මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට මාස 03 බැගින්  සිර දඩුවම් නියම කෙරිණ.

මෙසේ සිර දඩුවම් නියම කරනු ලැබුවේ ගණේමුල්ලේ පදිංචි බණ්ඩාරනායකගේ චන්ද්‍රපාල මට්ටක්කුලියේ පදිංචි කේ. යූ. එල්. චූලංග නැමැති යාචකයින් දෙදෙනාත් චන්ද්‍රපාල නැමැත්තා සිගාකෑමේ යොදවා මුදල්  ඉපයූ  බව කියන ගණේමුල්ලේ පදිංචි කේ. ඒ. අනුර ජයසිංහ නැමැත්තන්ය.
රඹුක්කන සිට සිට කොළඹ  කොටුව් දුම්රිය ස්ථානය දක්වා ධාවනය වෙමින් තිබූ අංක 136 දරණ බලවේග කට්ටල දුම්රියේ රේසර් රෝද සවි කරන ලද කුඩා කරත්තයක නැගී මැදිරි ගානේ යමින් මගීන්ගෙන් මුදල් ඉල්ලමින් ගමන් කළ ආබාධිත පුද්ගලයෙකු මුලින්ම අල්ලාගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ  නිලධාරියෙක් පැවසීය.

මෙම යාචකයාගෙන් හෙළි කරගත් තොරතුරු මත මොහු යාචක වෘත්තියේ යොදවා මුදල් ඉපයූ බව කියන පුද්ගලයෙකුද මැදිරියක සිටියදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට  ගෙන ඇත .

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මෙම යාචකයා  කරේ තබාගෙන ගණේමුල්ල දුම්රිය ස්ථානයට නිතිපතා උදේ වරුවේ පැමිණ දුම්රියට ගොඩ කරවා කුඩා කරත්තය මත තබන බව ප‍්‍රශ්න කිරීමේදී හැළිවිණි යැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ  නිලධාරියා  කීය.

දුම්රියකින් තවත් දුම්රියකට මෙම යාචකයා කරේ තබාගෙන ගෙන ගොස් ගොඩ කරවන්නේ මෙම පුද්ගලයා බවත් මෙම යාචක කටයුත්ත වෙනුවෙන් ඔහුට දිනපතාම රුපියල් 2000 ක මුදලක් ගෙවන බවත් හෙළිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

අත්අඩංගුවට  ගත් මෙම යාචකයා දිනකට රුපියල් 8000 ක් පමණ මුදලක් උපයන බවට අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ රුපියල් 2000 ක පමණ මුදලක් ද ඊට අමතරව ඇමරිකන් ඩොලර් 20 නෝට්ටු 03ක් ද තිබුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

විදේශිකයින් තිදෙනෙක් මෙමෙ ඩොලර් නෝට්ටු ලබාදී ඇති අතර පැයක පමණ කාලයක් තුළ  මේ මුදල යාචකයා උපයාගෙන ඇති බව කියති.

ආබාධිත මෙම යාචකයා කරේ තමාගෙන යන පුද්ගලයාට දිනකට ලැබෙන රුපියල් 2000 මුදලට අමතරව උදේ ආහාරයද දිවා හා රාත‍්‍රී ආහාරයට ප‍්‍රයිඞ් රයිස්ද ලබාදෙන බව දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන්ට දැනගැනීමට ලැබී ඇත.

අනෙක් ආබාධිත යාචකයා අත්අඩංගුවට  ගනු ලැබුවේද මෙම දුම්රියේ ගමන් කරමින් සිටි අතරවාරයේ වන අතර ඔහු දුම්රියට ගොඩවී පැය බාගයක් වැනි කාලයක් ඇතුලත රුපියල් 800 ක් මුදලක් උපයාගන්නා බව ද පැවසේ.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us