Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ඊශ‍්‍රායෙල් සංචාරය අතරතුර ඔබාමාගේ ලිමොසින් රථය අකරතැබ්බයක...
ඩීසල් වෙනුවට පෙට්‍රල් දාලා....

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මේ දිනවල ඊශ්‍රායලයේ සංචාරයක නිරතවන අතර ආරක්ෂක විධිවිධාන නිසා ඔහු එරටදී පරිහරණය කිරීම සඳහා ඇමරිකාවෙන් ගෙන ගිය ලිමොසින් රථයට ඞීසල් වෙනුවට පෙට‍්‍රල් දැමීම නිසා මග හිටීමෙන් එය භාවිතයෙන් ඉවත් කර අලූත්වැඩියාව සඳහා රැගෙන ගොස් තිඛෙනවා..
මෙම අකරතැබ්බය සිදුව ඇත්තේ ජනපති ඔබාමා  ඊශ්‍රායලයේ ටෙල් අවිච් ගුවන් තොටුපළින් එරටට බසින්නට පෙරාතුවය..

තුන්දින ඊශ‍්‍රායෙල් සංචාරය වෙනුවෙන් ඇමරිකානු ජනපතිවරයා බාහිර රටක සංචාරයකදීත් තමාගේම රථයක් පරිහරණය කරන බැවින් ජනපතිවරයාගේ සංචාරයට පෙර කල් ඇතිව ඇමරිකාවේ සිට ඊශ්‍රාලයට ජනපතිවරයා පරිහරණය කරන ලිමොසින් රථය පිටත් කර යවා තිබුණා.

පසුව ජනපතිවරයා ගුවන්තොටුපළට පැමිණෙන අවස්ථාවේ රියදුරු එයට ඉන්ධන පුරවාගෙන ආ නමුත් වැරදීමකින් ඩීසල් වෙනුවට පෙට්‍රල් පුරවා තිබීම නිසා වාහනයේ එන්ජිම අක්‍රීයවී අතරමග නතරවුණා.
පසුව ට්‍රක් රථයක නංවාගෙන එය අලූත්වැඩියාව සඳහා ගෙනගියා.

මේ හේතුවෙන් ඔබාමා හෝටලය වෙත ගෙන යාමට වෙනත් ලිමොසින් රථයක් එරට රජයෙන් ලබාදුන් අතර පැය කිහිපයකට පසු ඔබාමාගේ සංචාරය අතරතුර පරිහරණයට වෙනත් ලිමොසින් රථයක් වොෂින්ටනයේ සිට පිටත්කර එවා තිබුණා.

බීස්ට් නමින් හැඳින්වෙන ඔබාමාගේ කැඩිලැක් ලිමොසින් රථය ජීව ප‍්‍රහාර හා රසායනික ප‍්‍රහාර වලට පවා ඔරොත්තු දෙයි.ටොන් 8 ක් බර මෙම රථය ජෙනරල් මෝටර්ස් සමාගම විසින් විශෙෂිතව වෙනස්කම් වලට ලක් කරන ලද එකකි.

අඟල් 8ක් ඝනකම් දොරවල්, වෙඩි නොවදින වීදුරු, ටයිටේනියම් සෙරමික් වානේ සහ ඇලූමිනියම් වලින් සාදන ලද බඳ ආදී දැඩි ආරක්ෂාවන්ගෙන් යුක්ත වෙයි. වාහනයට වෙනම ඔක්සිජන් සැපයුමක් ඇති අතර බාහිර පරිසරයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වෙයි.බාහිරින් ශබ්දය ඇතුලට එන්නේ ස්පීකර මගිනි.

රාත‍්‍රි දර්ශනය සහිත කැමරා, කඳුලූ ගෑස් විදින, පැතලි ටයර් හා අවශ්‍ය වූ විට ටයර් නොමැතිවම ගමන් කල හැකි වානේ රෝද ආදියෙන් මෙම රථය සමන්විත වෙයි.හදිසි අවස්ථාවක් සඳහා ඔබාමාගේ රුධිර වර්ගය පවා මෙම රථයේ ගෙන යයි. රොකට් ප‍්‍රහාර වලින් සැඟවිය හැකි  අධෝරක්ත දුම් බෝම්බද මෙහි ඇති බව කියවෙයි.

සිද්ධියෙන් පසු රථය රැගෙන ගිය ආකාරය ගැන විස්තර වීඩියෝව පහතින්


මින් ඉහත 2011 වසරේදී අයර්ලන්තයේදීත් ඔබාමාගේ ලිමොසින් රථය ගැට්ටක වැදී අතරමග නතරවීමේ සිද්ධියක් වාර්තා වුණා. එම පැරණි වීඩියෝව පහතින්










Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us