ශ්රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඊයේ ඉදිරිපත් කළ වාර්තාව වැඩි ඡන්ද 12 කින් සම්මත වුණා.
ඊට පක්ෂව රටවල් 25 ඡන්දය භාවිත කළ අතර විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් සංඛ්‍යාව 13 ක්. රටවල් 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල්
ඉන්දියාව, ආර්ජන්ටිනාව, ඔස්‌ටි්‍රයාව, ඛෙනින්, බ්‍රසීලය, චිලී රාජ්‍යය, කොස්‌ටාරිකාව, චෙක් රාජ්‍යය, අයිවරි කොස්‌ට්, එස්‌ටෝනියාව, ජර්මනිය ගෝතමාලාව, ඉතාලිය, අයර්ලන්තය, ලිබියාව, මොන්ටිහිග්‍රො, පීරු, පෝලන්තය, කොරියාව, මොලඩෝවා, රුමේනියා, සියරාලියොන්, ස්‌විට්‌සර්ලන්තය, ඇමරිකාව හා ස්‌පාඤ්ඤය
යෝජනාවට එරෙහිව ඡන්දය දුන් රටවල්
කොංගෝ, ඉක්‌වදෝරය, කුවේටය, ඉන්දුනීසියාව, මාලදිවයින, පාකිස්‌තානය, මැරුටානියා, පිලිපීනය, කටාර්, තායිලන්තය, එක්‌සත් එමීර් රාජ්‍යය, වෙනිසියුලාව සහ උගන්ඩාව යෝජනාවට එරෙහි විය.
ජපානය ඇතුළු ඇන්ගෝලාව, බොට්‌ස්‌වානා, බුර්කිනාපාසෝ, ඉතියෝපියාව, කසකස්‌තානය, ගිනියාව, මැලේසියාව යන රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
පාකිස්‌තානය මෙහිදී කතා කරමින් යෝජනාව කිසිසේත් පිළිනොගන්නා බව සඳහන් කළා.
මෙහිදී කරුණු දැක්‌වූ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙකී යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය වසරේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්‍ෂව ඡන්ද 24 ක් ලැබුණු අතර විපක්‍ෂව ඡන්ද 15 ක් ලැබිණි.
ඡන්දය විමසන අවස්‌ථාවේදී තමිල්නාඩු කොටි හිතවාදී නාම් තමිලර් පක්‍ෂයේ නායක සීමන් ඇතුළු පිරිසක් සමුළු ශාලාවට පැමිණ සිටිනු දක්‌නට ලැබිණි.රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් වන නිමල්කා ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය හා දෙමළ සංවිධානවල සාමාජිකයෝ ද පැමිණ සිටියහ.
ඉන්දියානු තානාපති දිලිප් සිං මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකා රජය දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවත් උතුරේ හමුදාකරණය නතර කළ යුතු බවත්ය.ඊයේ සවස ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියේ ශී්‍ර ලංකාවේ ස්වෛරීත්වය නොතකන ඉන්දියාවට ව්‍යාපාරික හෝ රාජ්‍යතාන්ත්‍රික හෝ වරදාන ලබා නොදෙන ලෙසයි.