Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එයා රට වටේම හෝටල් ගානේ යනවා..කියා අපහාස කළැයි සේමිණි දමිතාට එරෙහිව
මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු දමයි...

ජනප්‍රිය නිලියන් දෙදෙනකු වන දමිතා අබේරත්න සහ සේමිණි ඉද්දමල්ගොඩ අතර කලක් පටන් පවතින විරසක බාවය මේවනවිට නඩුවක් දක්වා දික්ගැසී ඇති බව වාර්තා වනවා...

මෙයට පෙර දෙදෙනා විසින් පුවත්පත් මගින් දෙදෙනාට බැන ගනු ලැබූ අතර එක්වරක් සේමිණි විසින් දමිතාට "පව් ඒ බැල්ලි" යනුවෙන්ද පවසා තිබුනේය...
මෑතකදී දමිතා ගුවන් විදුලි වැඩසටහනකට පැමිණ සේමිණි හට ප්‍රසිද්ධියේ අපහාස වන අයුරින් සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් සේමිණි ඉද්දමල්ගොඩ අද කොළඹ දිසා අධිකරණයට සිය නීතීඥයින් මාර්ගයෙන් පැමිණිල්ලක් ගොනු කළ අතර ටෙලි නිළි සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කර තිඛෙන්නේ ටෙලි නිළි දමිතා අබේරත්න පසුගිය ජනවාරි 13 වන දින රන් එෆ් එම් පුද්ගලික ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ප්‍රසිද්ධියේ තමන්ට අපහාස වන ප්‍රකාශයක් සිදු කළ බවයි.

එම පැමිණිල්ලේ දැක්වෙන ආකාරයට ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවේදී දමිතා සිය වචන වලින් කියා ඇත්තේ..

සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා. එයා යන හෝටල් ගැන හොයන්න ගියොත් මට ලංකාව වටේම ඇවිදින්න වෙයි..යනුවෙනි.

වසර 16ක් පුරා වෘත්තිය ගරුත්වය රැකගෙන ක්ෂේත්‍රයේ රැඳී සිටි තමාට මෙම ප්‍රකාශය නිසා අපහාසයක් වූ බවත් මෙම අපහාසයෙන් තමන් ගොඩනගාගත් කීර්ති නාමයට හානියක් සිදුවූ බවත් ඒ නිසා එයට වන්දි වශයෙන් දමිතාගෙන් මිලියන 500 ක වන්දි ඉල්ලා දෙන ලෙසත් මෙම පැමිණිල්ලේ සඳහන් කර තිඛෙනවා.

මේ සම්බන්ධයෙන් නඩු විභාගය කැඳවන දිනය ඉදිරියේදී නමි කරනු ඇත.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us