සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි ගමනේදී සිය පෙම්වතිය පාළු සොහොන් වත්තකට ගෙනගොස් මිතුරන් සමග එක්ව සමූහ දූෂණයට ලක්කර
මරාදමන චේතනාවෙන් පාළු ළිඳකට දැමූ තරුණයෙකු සහ පාසල් සිසුන් දෙදෙනෙකු මීරිගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිඛෙනවා
මීරිගම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ඊයේ(10)රාත්‍රී පැවැත් වූ බව කියන සංගීත සංදර්ශනයක් නැරඹීමට මෙම තරුණියගේ නිවසට පාසල් යන වයසේ තවත් මිතුරෙකු සමග පෙම්වතා පැමිණ ඇත.පසුව ඔවුනට තවත් සිසුවෙකුත් හවුල්වී ඇත.
25 හැවිරිදි වියේ සිටි බව කියන මේ තරුණිය සමීප මිතුරන් ලෙස මිතුරන් කිහිපදෙනෙකුම ආශ්‍රය කරන අතර ඇය නිවසට කියා ඇත්තේ යාළුවො එක්ක සංගීතෙ බලන්න යන බවයි. පසුව යතුරු පැදි දෙකකින් පිරිස පිටත්ව ගොස් ඇත්තේ තරුණිය පෙම්වතා සමග එක් සයිකලයකත් පාසල් සිසුන් දෙදෙනකු වෙනත් සයිකලයකත්ය.
සන්දර්ශනය අවසන් වීමෙන් පසු යතුරු පැදි දෙක පිටත්වී ආ අවස්ථාවේ පෙම්වතිය සමග ආ පෙම්වතා තවලම්පිටිය ප්‍රදේශයේ පාළු සොහොන් වත්තක් අසළදී නතර කර තිඛෙනවා. මේ අවස්ථාවේ තරුණිය අපේක්ෂා නොකළ ආකාරයට වනලැහැබේ ඇය නිරුවත් කර අතවර කරන්නට පෙම්වතා පටන්ගෙන තිඛෙන අතර පසුව පාසල් යන වයසේ මිතුරන් දෙදෙනාද වරින්වර ඇයට අතවර කර තිඛෙනවා.
මේ අවස්ථාවේ කෑගසමින් එයට විරෝධය පළකරත් කිසිවෙකු ඒ ප්‍රදේශයේ උදව්වට සිට නැත. ඒ අසළ පාළු ළිඳක් තිබී ඇති අතර අඩි 12 ක් පමන ගැඹුරු ඒ ළිඳට පෙම්වතිය තල්ලූ කර දැමූ පිරිස ඇය මියයන්නට ඇතියි සිතා පළාගොස් තිඛෙනවා. නමුත් තරුණියගේ වාසනාවට එහි වතුර පිරී තිබී ඇත්තේ අඩි දෙකහමාරක් පමණි.
පල් වතුර පිරුණ ළිඳේ අඩක් ගිලී සිටි පෙම්වතිය ඇගේ ඇඳුමක සගවා තිබූ ජංගම දුරකථනය තවමත් ක්‍රියාත්මක බව වාසනාවට දැනගෙන එයින් සිය සොයුරාට කථා කර ඇත්තේ ඉන් පසුවය. තමා ළිඳකට වැටී ඇති බව ඇය කියා ඇත.
කෙසේ වෙතත් ඇගේ පණිවිඩය මිනිත්තු කිහිපයකට සීමාවී ඇති අතර දුරකථනය ඉන් පසු වැඩ කර නැත.
මේ තොරතුර ඔස්සේ තරුණියගේ සොයුරා ඇයව සොයන්නට උත්සාහ කළත් ඉසව්ව පැහැදිලි නැති නිසා පසුදා පොලිසියට තොරතුරු සපයා බැලීමේදී මීරිගම පොලිසිය ඇගේ මිතුරන් ගැන අවධානය යොමු කර ඇත. එක් පාසල් සිසුවෙකු ගැන සෝදිසි කිරීමේදී ඔහු මේ කිසිවක් දන්නැතැයි ද එදා රෑ සන්දර්ශනයෙන් පසු තමා වෙනම පිටත්වූ බවත් ඇය කෙසේ ගියාදැයි නොදන්නා බව පවසා එයින් ගැලවී ගොස් ඇත.
පොලිසිය ඔහුව සැකකර ඔහුගේ දුරකථන පරීක්ෂා කිරීමේදී එහි කෙටි පනිවිඩ අතර උපත් පාලන කොපු ගැනත් ගංජා ගොටු ගැනත් පණිවිඩ සොයාගත් අතර ඔහුව බිය කර ප්‍රශ්න කර ඇත්තේ ඉන් පසුය. මේ අවස්ථාවේදී තමා ඇතුළු තිදෙනා තරුණියව අතවර කර පාළු ළිඳට තල්ලූ කළ බව ඔහු පාපොච්චාරණය කළා.
තමාත් පෙම්වතාත් තවත් අයෙකුත් හවුල් වී මෙය සිදු කළ බවද ඔහු කියා සිටියා. ඔහු සිතා ඇත්තේ තරුණිය දැන් මිය ගොස් ඇති බවකි. ඔහුගේ තොරතුරු ඔස්සේ පාළු ප්‍රදේශය පීරා පොලිසිය සෝදිසි කිරීමේදී තවමත් නිරුපද්‍රිතව සිටි තරුණිය විලාප දෙමින් පාළු ළිඳේ සිටි ආකාරය පසුදා දහවල් පොලිසියට සොයාගන්නට හැකිවුණා.
ඇයව ළිෙඳන් ගොඩගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ අතර සැකකාර පෙම්වතා බව කියන පුද්ගලයා ලෝලූවාගොඩ ප්‍රදේශයේ මෝලක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වුණා. අනෙක් සිසුවා පොලිසියට භාර වුණා. පොලිසිය මොවුන් ගැන තවත් ප්‍රශ්න කිරීම් සිදු කරන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.