භාරත ලක්‍ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර ඝාතන නඩු විභාගයේදී සැකකාර දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මේ හෙළිදරව්ව කෙළේය.
දුමින්ද සිල්වාගේ ජීවිතයට හානි කිරීමට විශාල කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත්, විපක්‍ෂය මෙන්ම ආණ්ඩු පක්‍ෂයෙන්ද එම කුමන්ත්‍රණ දියත් කර තිබෙන බවත් දැනුම් දුන් වර්ණකුලසූරිය මහතා ඔහුගේ තුවාල වැඩි කර ජීවිතයට හානියක් සිදුකර ඔහු සතු මනාප ලබාගැනීම සියල්ලන්ගේම අරමුණ වී ඇති බවත් අධිකරණය වෙත දන්වා සිටියේය.
පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රි භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අතිරේක මහෙස්ත්‍රාත් සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ වර්ණකුලසූරිය මහතා මේ බව දන්වා සිටියේය.
සිද්ධියට අදාළ නඩුව (28දා) යළි කැඳවූ අවස්ථාවේදී සැකකාර දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය දැක්වෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවක් රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කෙළේය.
එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ නියෝග ඉදිරි නඩු දිනයේදී ලබාදෙන බව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පැවැසීය.
එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ පිටපත් අවශ්‍ය පාර්ශ්වයන්ට නිකුත් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කෙළේය...ලබන මැයි 8 වැනිදා නඩුව යළි කැඳවන ලෙස අතිරේක මහෙස්ත්‍රාත් සඳුන් විතාන මහතා නියම කෙළේය.