වසර නවයක් යනු සම්මාන උළෙලකට දීර්ඝ කාලයකි එහි සංවිධායක වරුන්ට දීර්ඝ අත්දැකීමකි සම්මාන ලාභීන්ට බලාපොරොත්තුවකි. වසර නවයක් පුරාවට අඛණ්ඩව ඉහළම තත්ත්වයේ සම්මාන උළෙලක් පැවැත්වීම අභියෝග ජය ගැනීමකි..
එහෙත් මෙවර පවෙත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළලේ ජනප්‍රියම නිළිය මේවන විටත් තෝරා ගෙන අවසන් බව අප වෙත දැනගන්නට ලැබෙනවා..
මෙලෙස සම්මාන උළලේ ජනප්‍රියම නිළිය තෝරාගෙන ඇත්තේ සම්මාන උළෙලේ අලෙවි ප්රවර්ධක අධ්‍යක්ෂකවරයා වන මංජුල හේරත් මහතා විසිනි..
එම මහතා මෙලෙස ජනප්‍රියම නිළිය ලෙස මෙවර තෝරා ගෙන ඇත්තේ මේ දිනවල සිරස ටීවී ඔස්සේ චායා ටෙලි නාට්‍යය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති මහේෂි මධුශංකාය.
මහේෂි මධුශංකා ජනප්‍රිය නිළිය කිරීමට මනුජ හේරත් මහතා යෝජනා කර තිබන්නේ ඔවුන් විසින් මෑතකදී සම පැහැපත් කිරීමට හදුන්වා දුන් ආලේපනයක් ජනප්‍රිය කිරීම සඳහාය.
එලෙස සම පැහැපත් කිරීමට හදුන්වා දුන් ආලේපනයේ වෙළඳ ප්රචාරක පටය සඳහා පෙනී සිට ඇත්තේ මහේෂි මධුශංකා වන අතර එම දැන්වීම අවසානයේ මනුජ හේරත් මහතා විසින් ඇය අතට ලක්ෂ පහක් ලබාදෙමින් පවසා ඇත්තේ " අපි ඔයා ජනප්‍රිය නිළිය කරන්නම්...එතකොට අපේ ක්‍රීම් එකත් ජනප්‍රිය වෙනවනේ." යනුවෙනි.
කෙසේ වෙතත් අප එම මහතාගෙන් කල විමසීමකදී එම මහතා ප්‍රකාශ කර සිටියේ මෙම කරුණු සාවධ්‍ය බවයි.. තවද ඉහත කි නිළිය ජනතා සම්මානයෙන් ජනප්‍රියම නිළිය ලෙසට පත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවද ප්‍රකාශ කර සිටියා..