Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දහම් අසේල වලිය සමථ මණ්ඩලයේ ෂේප් කරන්න දාලා..

පසුගියදා පාසිකුඩා මාළු මාළු හෝටලයේදී ඇතිවූ ගැටුමට පිළිබඳ නඩු විභාගය ඊයේ (8) වාලච්චේන අධිකරණයෙන් විභාග වුණු අවස්ථාවේ මෙය සමථ මණ්ඩලය වෙත යොමු කිරීමට මහේස්ත‍්‍රාත් නියෝග කර තිබේ.

මෙම ගැටුම ඇති වුයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසෙන් හා නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාගේ පුත් අසේල වෛද්‍යලංකාර අතරය..

ඒ අනුව මෙම සමථ මණ්ඩල පරීක්ෂණයෙන් අනතුරුව වාර්තාව ජූනි මස 20 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර ඇත.
ඒ අනුව මෙම ගැටුම පිළිබඳ විභාගය ඉදිරියේ දී සමථ මණ්ඩලය විසින් පවත්වනු ලැබේ.

ඒ මහතා මෙම නියෝගය ගෙන තිබුණේ පොලීසිය සහ දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙනය...මෙහිදී පොලීසිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතා ප්‍රකාශ කළේ, ක්ෂණික කෝපය මත පහර දීමකින් සුළු තුවාල පමණක් සිදුවී ඇති බවත් එය දණ්ඩ නීති සංග්‍රහයේ 314 , 343 යන වගන්ති අනුව සමථ මණ්ඩලයට යොමු කළ යුතු සිද්ධියක් බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

පොලිස් අධිකාරිවරයාගේ කරුණු දැක්වීමට දෙපාර්ශවයේ නීතීඥවරුන් කිසිදු විරෝධතාවක් දක්වා තිපුනේ නැත.අසේල විද්‍යාලංකාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එස්. තංගරාජා මහතා ප්‍රකාශ කළේ, මෙම සිදුවීමේදී පොලීසිය නුසුදුසු ආකාරයෙන් හැසිරුණු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ගෞරවනීය පුද්ගලයෙක් බවත්ය.

මෙම සිද්ධිය සමථ මණ්ඩලයට ඉදිරිපත් කර ජුනි 20 දා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළි..දහම් සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජී.ටී.මෙන්ඩිස් , ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තපා, ජ්‍යෙෂ්ඨ නීතීඥ චම්පානි පද්මසේකර, සාලිය මැතිව් යන නීතීඥවරු ඇතුළු නීතීඥවරු හය දෙනෙකු පෙනී සිටියා.

සිද්ධියෙන් පසු අසේල සිය වම් අත බැඳගෙන සිටියේ සිද්ධියේදී ඇතිවූ තුවාලයකින් නොව ඊට පෙර සිදු කළ සැත්කමක් නිසා බවද වාර්තාකරුවන්ට කියා තිබුණා..ඒ අනුව මෙතෙක් කල් මාධ්‍ය හමුවේ විශාල ලෙස කථාබහවූ ප්‍රශ්නය මින් ඉදිරියට නීතිය හමුවේ දුරදිග ගෙනයන්නට දෙපාර්ශ්වයටම උවමනාවක් වී නැති අතර ඔවුන් විසින්ම එය ගොඩින් බේරාගෙන තිඛෙනවා.

මඩකලපුව පාසිකුඩාහි මාළු මාළු හෝටල වෙරළ තීරයේ මේ සිද්ධිය සිදුවී ටික වේලාවකට පසු දහම් ඇතුළු මිතුරු පිරිස පොලිසිය විසින් කැඳවාගෙන යන අවස්ථාවේ ඡායාරූපයක් අපට හමුවී තිඛෙනව. එය පහත දැක්වෙනවා.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us