‘අලුත් රස්සාවෙන්‘ කොන්දොස්තර කූඩුවට..
ජාත්‍යන්තර කාන්තා දිනය අද (08)යි..
කොළඹ සිට ගාල්ල බලා යන පුද්ගලික බස් රථයක් තුලදී පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කළ බව කියන එම බස් රථයේ කොන්දොස්තරවරයා අළුත්ගම පොලිසිය මඟින් අද (08) අත්අඩංගුවට ගෙන ඇත.
මොහු මාතර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙකි. ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි (2)
විජිත රණබාහු කරුණාතිලකගේ මහතා අද (08) උදේ කළුතර නාගොඩ තම නිවසේ සිට රාජකාරි ස්ථානයට යමින් සිටියදී ගුරුවරියක් වූ තම බිරිඳ කළුතර නගරයේ පාසලකට ඇරලවා ගොස් ඇත.
සහකාර පොලිස් අධිකාරිවරයා ගාලු පාර ඔස්සේ ගමන් කරමින් සිටියදී තම බිරිඳ දුරකථනයෙන් කථා කර තම පාසලේ සිසුවියන් දෙදෙනෙකුට බස් රථයේ කොන්දොස්තරවරයා ලිංගික අතවර කළ බව පැවසීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරිවරයා අළුත්ගම පොලිසියට කතා කර බස් රථය නතර කර ඇත.
ඉන්පසු කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේ බස් රථයේ සිටි තවත් පියෙක් පොලිසියට පවසා ඇත්තේ මොහු තම 7 හැවිරිදි දියණියටද බස් රථයේ දී අද ලිංගික අතවර කළ බවත් සහ සිසුවියන්ගේ ළැම පෙදෙස අනවශ්‍ය ලෙස ස්පර්ශ කල බවයි..
තවද ඔහු වරින් වර මේ ළමයිනට අතවර කර ඇති බව හෙළිවී තිබේ..එම පියාගෙන් සහ දැරියගෙන් ද කටඋත්තර ලබා ගෙන ඇත. අළුත්ගම පෙලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.