එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා කෙටුම්පතට කඩිනමින් සහය පළ කළ යුතු බව ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක එම්. කරුණානිධි මහතා ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජනතාවගේ අභිමතයන් පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය තේරුම් ගත යුතු බවය.
ඒ අනුව, ඔවුන් පිළිබඳව අවධානය යොමු කර ඉන්දීය රජය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය හෙළි කළ යුතු බව එම්. කරුණානිධි මහතා අවධාරණය කළේ ය.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා කෙටුම්පතෙහි අන්තර්ගතය පදනම් කරගෙන ඒ පිළිබඳව තීරණයකට එළැඹෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඉන්දීය පාර්ලිමේන්තුවේදී ය.
මේ අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් පවතින ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකාව සමඟ ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මහතා (6) පැවසී ය.
ඔහු සඳහන් කළේ, අමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාව මානුෂීය පියවරක් ලෙස සැලකිය යුතු බවත් එය අභිමානය පිළිබඳ ගැටලුවක් ලෙස නොසැලකිය යුතු බවත් ය.