Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

එයා රට වටේම හෝටල් ගානේ යනවා..කියා අපහාස කළැයි සේමිණි දමිතාට එරෙහිව මිලියන 500 ක් වන්දි ඉල්ලා නඩු දමයි...

සේමිණිගේ චෝදනාව අපහාසයක් මාත් මිලියන 1000 ක් ඉල්ලා  නඩු දානවා -දමිතා අබේරත්න..

පසුගිය සතියේ අපට වාර්තා වූයේ රන් එෆ් එම් නාලිකාවෙන් දමිතා කියූ හෝටල් ගානේ යන සේමිණි ගැන කතාව තමාට අපහාසයක් වූ බැවින් සේමිණි මිලියන 500ක් ඉල්ලා දමිතාට නඩු දැමූ  පුවතකි..
නමුත් මෙම සතියේදී අපට දැනගන්න ලැබුනේ සේමිණිගේ චෝදනාව අපහාසයක් යයි පවසා දමිතා අබේරත්නත් මිලියන 1000 ක් ඉල්ලා නඩු දමන පුවතකි

ඒ පිළිබඳ චෝදනා සහිත එන්තරවාසිය දැන් දමිතාට ලැබී ඇති අතර ඇය කියන්නේ තමාට එරෙහි එම චෝදනාව පවා අපහාසයක් බවත් එබැවින් එයට විරුද්ධව තමාද මිලියන 1000ක් ඉල්ලා සේමිණිට නඩු දමන බවයි.

ටෙලි නාට්‍ය නිළි සේමිනි ඉද්දමල්ගොඩ නඩු පවරා ඇති බව ප්‍රචාරය කළත් මේවනතුරු කිසිදු අධිකරණයකින් තමාට සිතාසියක් තවම ලැබී නැතැයිද දමිතා කියනවා.

සේමිනිගේ නීතිඥවරුන් විසින් එවා තිබූ එන්තර වාසිය දමිතාගේ නීතිඥවරුන් වෙත යොමු කළ බවත් ඒ තුළ අඩංගු කරුණු තමන්ට අභූත චෝදනා නගා ඇති එකක් බැවින් එමගින් ඇයට සිදුවී ඇති හානියට රුපියල් මිලියන දහයක වන්දි මුදලක් ඉල්ලා නඩු පවරන බව දන්වමින් පිළිතුරක් යැවූ බවත් දමිතා පවසනවා.

දමිතා ඒ බව දන්වමින් මාධ්‍ය වෙත එවා තිඛෙන ලිපිය පහත පරිදිය.

දමිතා අබේරත්න,
නො297/1, නුගේගොඩ පාර පැපිලියාන,
බොරලැස්ගමුව.
මහත්මයාණනි/මහත්මියණි,

සේමිණි ඉද්දමල්ගොඩ දමිතා අබේරත්නට විරැද්ධව නඩු මගට

ඉහත කාරණය සම්බන්ධව දමිතා අබේරත්න වන මාගේ කරැණු දැක්වීම මෙසේයි.

මම කිසිදු කෙනෙකුට අපහාසයක්වන ප‍්‍රකාශයක් සිදුකොට නැත. ක්ෂේත‍්‍රයේ සිටින කිසිදු කෙනෙකුට අපහාස කොට ක්ෂේත‍්‍රය තුළ හෝ පෞද්ගලික ජීවිතයේ මාහට ලබාගන්නට හෝ දිනාගන්නට දෙයක් නැත. විශේෂයෙන් සේමිනී ඉද්දමල්ගොඩට මම අපහාස කර නැහැ .ඇයගේ කීර්ති නාමයට හානිවන කිසිවක් මා කර නැත.

සේමිනී වෙනුවෙන් ඇයගේ නීතිඥවරුන් විසින් එවා තිබූ එන්තරවාසිය ට මම මගේ නීතිඥවරි වන සමන්ති ගමගේ මහත්මිය මගින් මට සිදුව ඇති හානියට රුපියල් මිලියන දහසක වන්දි ඉල්ලා නඩු දමන බව දන්වමින් පිළිතුරු යවා ඇත.

කෙසේවෙතත් මාධ්‍ය මගින් සේමිනී ඉද්දමල්ගොඩ මට එරෙහින නඩු පවරා ඇති බව ප‍්‍රචාරය කළත් මෙතෙක් මට කිසිඳු අධිකරණයකින් මා වෙත සිතාසියක් ලැබී නොමැත. (මේ ලිපිය සකස් කළ 2013 03 25 දින තෙක්)

නමුත් කලා ක්ෂේත‍්‍රයේ හඩ කැවීම් අංශය ගායන ක්ෂේත‍්‍රය රංගන ක්ෂේත‍්‍රය (සිනමාව ,වේදිකාව, ටෙලිනාට්‍ය ) මෙම සියලු අංශ නියෝජනය කරන ශිල්පිණියක ලෙස පුරා වසර 32ක් රැදී සිටිමින් මෙරටට ජාත්‍යන්තර අභිමානයන් දෙවරක් ලබාදීමට තරම් සහ මෙරට පැවති සියළු සම්මාන උළෙලවල්වල හොඳම, විශිෂ්ඨ සම්මාන දිනා ඇති මාගේ කීර්ති නාමයට එරෙහිව පදනම් විරහිතව, දවේශ සහගත ලෙස නඩු පවරා තිබුණහොත් එකී නඩුවට මාවෙනුවෙන් ඉදිරිපත්වී මාගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමටත්, මාගේ නීතිමය අයිතීන් ආරක්ෂා කිරීමටත්, මෙයින් මාහට සහ මාගේ කීර්තිනාමයට සිදුකරන හානියට වන්දි ලබාගැනීමට කටයුතු කිරීමට මාගේ නීතිඥවරුන් වන සමන්ති ගමගේ මහත්මිය ප‍්‍රදීප් ගමගේ මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙවිල් අබේරත්න යන මහත්ම මහත්මීන්ට මා විසින් උපදෙස් ලබාදී ඇත.

මේ අවස්ථාවෙ මා සමග මට ශක්තියක් වෙමින් කටයුතු කරණ කලා ක්ෂේත‍්‍රයේ සියලුම දෙනාටත්, මගේ හිත මිත‍්‍රාදීන් සියලුම දෙනාටත්, නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන්ටත්, ලංකාව පුරා විසිරී පැතිරී සිටින මගේ ආදරණීය රසික රසිකාවියන්ටත්, විදේශ රටවල සිටින ආදරණීය රසික රසිකාවියන්ටත්, මාහට නොයෙකුත් උපදෙස් දෙමින් මට ශක්තියක් වනවාට බොහොම ස්තුතියි.
මේ සියලු දෙනාට පවසන්නට ඇත්තේ හෘද සාක්ෂියට වඩා වෙනත් සාක්ෂියක් නොමැති බවත්, සත්‍ය ජයගන්නා බවත් විශ්වාසකරන මා මේ වෙනුවෙන් කටයුතු කරන්නේද දැඩි ආත්ම විශ්වාසයෙන් බවයි,

දමිතා අබේරත්න

සේමිණි දමිතාගෙන් මිලියන 500 ඉල්ලා නඩු දැමූ හේතුව

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us