මේකේ මායිම් නෑ. වැට කඩුළු නෑ. ඉරවල් නෑ. වන්නි දිස්ත‍්‍රික්කයේ නායකයා තමුන්නාන්සේලා. තමුන්නාසේගේ බලය ක‍්‍රියාත්මක කරන්න රිෂාද් අමාත්‍යවරයාට ඔබගේ උදව්ව දෙන්න. මොනවා හරි කරන්න දෙයක් තියෙනවානම් මාත් සතියක් දෙකක් ඇවිත් උදව් කරන්නම්...යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
මන්නාරම තච්චනා මරදමඩු විද්‍යාලයේ පැවති උත්සවයට සහභාගිවෙමින් අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
‘අවසාන වශයෙන් කසාද 4 ක් බදින්න පුළුවන්. තමුන්නාසේලාගේ ආගමට අපි ගෞරව කරන්න ඕන. මේක හිතේ තියාගෙන මම පොත් කිහිපයක් බැලූවා. එහිදී මට පොතක් හම්බුණා. අවුරුදු 80 ක් වයසැති මහළු පුද්ගලයෙක් මහණ වුණා.
වප්කුල මහරහතන් වහන්සේ. කසාද 8 ක් කර ගෙන ඉන්දියාවේ. වැඩිම අවුරුදු ගණනක් ජිවිත් වුණා. රහතන් වහන්සේ. මම කල්පනා කළ රහතන් වහන්සේට කසාද 8 ක් කරගන්න පුළුවන්නම් අඩු ගානේ මටත් 5 ක් කරගන්න.
එතකොට මම මෙහේ අවාහම හලාල් කියලා පොස්ටර් ගහන්නේ නෑ. පත්තරවල දන්නේ නෑ. අවුදුරු දහස් ගණනක් මුස්ලිම් ජනතා තමාගේ ආගමට අනුව ජිවත් වුණා. පත්තරවල දලා කලබල ඇති කරන්නේ නැතිව ඉන්න ඕනෑ. එතකොට මම කොළඹ නෝනා එක්ක කන විදිය නෙමෙයි මෙහේ එක්කෙනාත් එකක් කන්නේ. එක වෙනස්.’