ආණමඩුව ප්රදේශයේ තරුණයෙකු ඊයේ දිනයේ සිට ආගිය අතක් නැතැයි පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
පුද්ගලික බැංකුවක සේවය කළ රාජේන්ද්ර ශිවලිංගම් නමැති 25 හැවිරිදි තරුණයා ඊයේ දිනයේ කොළඹ සිට යළි ආණමඩුව බලා ගමන්කරමින් සිටියදී මෙසේ අතුරුදහන්වී ඇති බව පවසයි.
ඊයේ දිනයේ ඔහු සිය මෝටර් රථයෙන් නිවස බලා එමින් සිටියදී අවසන් වරට ආණමඩුව-ගල්ගමුව මාර්ගයේ බංගදෙණිය ප්රදේශයේදී සිය මවට දුරකථනයෙන් කතා කොට ඇති බව කියැවෙයි.
එහෙත් තම පුතා නිවසට නොපැමිණිම හේතුවෙන් සැක සිතුණු ඇගේ මව ආණමඩුව පොලීසියට ඒ ගැන පැමිණිලි කර තිබේ.
පොලිස් පරීක්ෂණ සිදුකරගෙන යද්දී අතුරුදහන්වූ බව කියන තරුණයාට අයත් මෝටර් රථය මුන්දලම පොලිස් බල ප්රදේශයේ තිබියදී හමුවී ඇතත් මේ වනතුරුත් ඔහු පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බව පොලීසිය පවසයි.