ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කිරීමට නියමිතය.
අවස්ථා හතරකදී ගුවන් යානා හතරක් නව ගුවන් තොටුපොළ පිවිසිමට සැළසුම් කර ඇති අතර මගීන් 150 කට අධික පිරිසක් සමඟ එයාර් ඇරබියා ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපලට පැමිණෙන බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
මහා සංඝරත්නයේ සෙත්පිරිත්, ජය සක්, මඟුල් බෙර හා මහජන ප්‍රී ති ඝෝෂා මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොට සිසාරා යද්දී මහින්ද රාජපක්ෂ ජනපති කටුනායක සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මත්තලට පැමිණ නව ගුවන්තොට විවෘත කළේය. එවිට වේලාව පෙරවරු 11.08.50 විය.
ගුවන්යානය මත්තලට ළඟා වූයේ පෙරවරු 10.54ට ය. ජනපති, කතානායක චමල් රාජපක්ෂ, අගමැති දි මු ජයරත්න හා ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහත්වරු රතු පලස මතදී පිළිගන්නා ලද්දේ දකුණු පළාතේ මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය මහත්වරුන් විසින් මල්දමින් පිළිගනු ලැබූහ.
සිය ගණනක් පාසල් සිසුහු ජාතික කොඩි වනා අමුත්තන් පිළිගත්හ.ජනපති ජාතික කොඩිය ඔසවද්දී නමෝ නමෝ මාතා ජාතික ගීය වාදනය විය. ගුවන්තොටේ සංචාරය කළ ජනපති පෙරවරු 11.22ට එහි සමරු ඵලකය විවෘත කළේය. හෙක්ටයාර 800ක් පුරා පැතිරුණු මත්තල පෙර දින වැස්සෙන් සිසිල් විය.
ගුවන්තොට වටේ ඔසවා තිබූ කොඩි වලින් ද තවත් සිසිල එක් විය. ජනපති පැමිණ මිනිත්තු 43කට දෙවැනි ගුවන් යානයට මත්තලට ළඟා විය.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ එම යානය පැමිණියේ ඩුබායි සිටය. 2009 නොවැම්බර් 27 දින මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වීය. චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම මෙහි කොන්ත්‍රාත්කරු වෙයි. මුළු ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුදල ඇමරිකානු ඩොලර් කෝටි 20.9කි. මින් චීන රජයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 19 මුදලක් සහනදායී ණයක් ලෙස ලබා දී ඇත.
ඉතිරි මුදල ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් දරනු ලැබීය. 2010 මාර්තු 16 වැනි දා සිට චීන සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා නිර්මාණ සැළසුම් කිරීම අරඹා ඇති අතර එම වසරේ නොවැම්බර් මස සිට ඉදිකිරීම් කටයුකු අරඹා ඇති අතර මේ දක්වා දේශීය විදේශීය ඉංජිනේරුවන්ගේ අධීක්ෂණ යටතේ සියලු කටයුතු සිදුවෙයි.
මත්තල ගුවන්තොටුපලේ ජායාරූප එකතුව පහතින් නරබන්න ..
ජායාරූප: සුදත් ද සිල්වා