Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මුරලිගෙන් තමිල්නාඩුවට පිළිතුරු...

සංගාට සහ තිසරට අයි.පී.එල් සම්පූර්ණයෙන් අහිමිවන ලකුණු..

තමන් වසර 20 කට අධික කාලයක් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කල අතර දෙමළ ජාතිකයෙකු වීම හේතුවෙන් තමන්ට කිසිදු දිනෙක මෙරටින් බලපෑමක් හෝ බාධාවක් එල්ල නොවු බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපරි පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන්ට අයිපීඑල් තරගාවලියේ චෙන්නායිහී පැවැත්වෙන තරග වලට සහභාගීවීමට අවස්ථාව ලබා නොදීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසන්නේ ක‍්‍රිකට් ඉතිහාසයේ කණගාටුදායකම සිද්ධියක් ලෙස මෙය සටහන් වන බවයි.
තමන් මුහුණදුන් ගැටලුකාරී අවස්ථා වලදී ශ්‍රී ලාංකීය ජනතාව තමන් සමග රැඳී සිටි බවද පවසන මුරලි මෙරට තුල යුද ගැටුමක් ක්‍රියාත්මක වුවද ශ්‍රී ලංකාවට සාමයෙන් ජීවත්වීමේ කිසිදු බාධාවක් නොතිබු බවද අවධාරණය කරයි.

වර්තමානයේදී තමිල්නාඩුවෙන් එල්ලවන බලපෑම් හරහා යළිත් අතීතයේ මෙන් කණගාටුදායක සිද්ධීන් කිසිදිනෙක ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද පවසන මුත්තයියා මුරලිදරන් තම බිරිඳ උපන් නගරය වන චෙන්නායිහී තමන්ට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමිවන්නේ නම් එය කණගාටුවට කරුණක් බවද කියා සිටී.

මේ  අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ කැමැත්ත ප්‍රකාශ කරන ලිපි ලබා ගැනීමෙන් පසුව මෙරට ක්‍රීඩකයින් අයි.පී.එල්. තරගාවලියට සහභාගි කරවීමට තීරණය කළ බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ක්‍රීඩකයින් අයි.පී.එල්. තරගාවලියට සහභාගී කරවීම සම්බන්ධයෙන් අද ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹි බවය.
කුමාර් සංගක්කාරට සහ තිසර පෙරේරාට මෙවර අයි.පී.එල් තරගාවලිය සම්පූර්ණයෙන් අහිමිවිමේ අවදානමක් පවතිනවා.

ඔවුන් අයත් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකරු වන්නේ තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධිගේ මුණබුරෙකු වන කලානිදිමාරන් නමැත්තායි. චෙන්නායි හි පැවැත්වෙන තරගවලට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් සහභාගි නොකළ යුතු බව කරුණානිධිගේ ඞී.එම්.කේ පක්‍ෂයේ ස්ථාවරය වනවා.

එසේ නම් ඔහුගේ මුණුබුරෙකුට අයත් කණ්ඩායමකට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින් එක් කර ගැනීම සාධාරණ දැයි එම පක්‍ෂයේ ඇතැමුන් තර්ක කරන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. කුමාර් සංගක්කාර හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ද වනවා.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us