ඝාතනයට ලක්වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පසුගිය (19) වැනිදා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර පහරදීමේ සිද්ධියට එරෙහිව පැවරු නඩුව අද යලි කැඳවූවා..
එහිදී දිගු කලිසමකින් සහ රෝස පැහැති සිනිඳු උඩු කය ඇඳුමකින් සැරසි එහි පැමිණ සිටි හිරුණිකා මෙනවිය හට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්රහර්ෂා රණසිංහ අද දිනයේ අවාද කරනු ලැබුවේ අධිකරණයට පැමිණෙන විට විනීතව, අධිකරණයේ ගෞරවය ආරක්ෂාවන ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසයි.
පසුගියදා බොරැල්ල කිංසි පාරේ අංක 175 දරන ස්ථානයේ පිහිටි අදාළ ව්‍යාපාරික ආයතනයට හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එහි හිමිකරුට සිදුකරනු ලැබූ තර්ජනයක් හේතුවෙන් මෙම නඩුව ගොනුවී තිබෙනවා.
අද අධිකරණයේ පෙනී සිටි සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 08 ක් මත මුදාහැරි අතිරේක මහේස්ත්‍රාත්වරිය, නඩුව ලබන ජුලි මස 31 වැනිදා දක්වා කල් තැබීමටයි නියෝග කළේ.
අද දිනයේ හිරුණිකා අධිකරණයට පැමිණි ආකාරය බලන්න පහතින්
පහතින් දැක්වෙන්නේ සුදු කොඩි නඩුව සම්බන්දයෙන් 15 October 2010 සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය උසාවියට පැමිණි ආකාරයයි