එහෙන් නැව් නැති වරායවල් මෙහෙන් යානා එන්නැති ගුවන් තොටුපළවල් අරහෙන් මැච් ගහනකොට ලයිට් නිවෙන ක‍්‍රීඩාංගණ. මේ වගේ දේවල් තියෙන එක ම රට දැන් ශ‍්‍රී ලංකාව කියලා ඉතිහාසගත වෙන්න යන්නේ.
මේ රට දැන් ආසියාවේ විකාරයක් බවට පත්වෙලා තියෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ කුරුණැගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි..
ඒ මහතා පවසන්නේ අද වෙනකොට මත්තල ගුවන් තොටුපොළට තෙල් ගහගන්න තෙල් ටැංකි ටිකක්වත් වෙන්කරගන්න බැරි තත්ත්වයට පත්වී ඇති බව යි.කෝටි 2400කට වඩා වියදම් කර මත්තල ගුවන් තොටුපොළ තෙල් ටැංකි සංකීර්ණයක් හෝ ඉදිකර ගැනීමට නො හැකි වීමෙන් ආණ්ඩුවේ තරම පෙනී යන බව කී ඒ මහතා මෙසේ ද කීය.
අද මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා ආපුහාම ඒවාට තෙල් ගහන්න තෙල් බවුසර් හම්බන්තොට වරායේ ඉඳලා අදින්න වෙලා තියෙනවා. මේ නිසා තෙල් ටික එනකන් බලන් ඉඳලා සමහර ගුවන්යානා ප‍්‍රමාද වෙනවා. කෝටි 2400 කට වඩා වියදම් කරලා හදපු ගුවන් තොටුපොළට අඩු ම තරමේ තෙල් ටැංකි සංකීර්ණයක් ඉදිකරලා නැහැ. ප‍්‍රමුඛතාව දිය යුත්තේ මොකක් ද කියලා ආණ්ඩුව දන්නේ නැහැ. ඉතින් මොකක්ද මේ කෙරෙනවා කියන සන්දර්ශනයේ තේරුම.
අපේ රටේ ගුවන් මගීන් ඉන්නේ ලක්ෂ 10යි. ලන්ඩනයේ ගුවන් මගීන් ඉන්නවා ලක්ෂ 65 ක් 75 ක් වගේ. අපේ කටුනායක ගුවන් තොටුපොළේ ටර්මිනල්ස් තියෙනවා 4 ක්. ලන්ඩනයේ ටර්මිනල්ස් තියෙන්නේ 6යි. ලක්ෂ 10ක් ගුවන් මගීන් ඉන්න අපේ රටේ ටර්මිනල්ස් 4 ක් තියෙනකොට ලක්ෂ 65 ක් 75 ක් ඉන්න ලන්ඩනයේ හිත්‍රෝ ගුවන් තොටුපොළේ තියෙන්නේ ටර්මිනල්ස් 6 යි. ඉතිං අපිට අලූතින් ගුවන් තොටුපොළක් අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. නමුත් ගුවන් පථයක අවශ්‍යතාවක් තිබෙන බව ඇත්ත.
දැන් ආණ්ඩුවේ බලාපොරොත්තුව තියෙන්නේ 2025 දී මගීන් ලක්ෂ 10ක් ගුවන් තොටුපොළට එයි කියලා. එතකොට තව අවුරුදු 13 කින් තමයි මගීන් ලක්ෂ 10 ක් එයි කියලා හිතන්නේ. එහෙම නම් තව ගුවන් තොටුපොළක් ලංකාවට ඕන නැහැ. රටට අවශ්‍ය නැති වුවමනාවන් වෙනුවෙන් තමයි මේ අනවශ්‍ය වියදම් කරලා තියෙන්නේයයිද මන්ත‍්‍රීවරයා නියා සිටී.