Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

දැයට කිරුළේ මුදල් වංචා කළ ප‍්‍රධානියෙකුට එරෙහිව පොලිස් පරීක්ෂණ.

විදුලි සන්දේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය විසින් අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීම් සඳහා වෙන්කරන ලද මුදලින් රුපියල් ලක්‍ෂ තුන්සිය අනූවක් එහි අතිරේක ලේකම්වරියක වංචා කළ බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව රහස් පොලිසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඊයේ (27දා) කරුණු වාර්තා කර තිබේ.
විදුලි සන්දේශ හා තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම් හෙන්නායක මුදියන්සේලාගේ ගුණසේකර විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව පැමිණිල්ලක් කිරීමෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

අම්පාර හාඩි තාක්‍ෂණික ආයතන භූමියේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා වැසිකිළි හාරසිය අනූවක්, ආපන ශාලාවක් සහ කියැවීම් ශාලාවක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී මේ මිලියන තිස් නවයක මුදල අතිරේක ලේකම්වරිය විසින් වංචාකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.


Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us