Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මාතලේ සමූහ මිනී වල 87 - 90 කාලයට අයත් බව හෙළිවේ.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මාතලේ රෝහල් භූමියෙන් හමුවූ සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල වාර්තාවලට අනුව මිනී වලෙන් හමු වූයේ 1987 – 1990 කාලයේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් බව මාතලේ අධිකරණය තීන්දු කර තිබේ.

කැළනිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඊයේ මාතලේ දිසා අධිකරණයට ඉදිරිපත් කළා.
එම වාර්තාව සළකා බැලීමෙන් අනතුරුවයි මාතලේ දිසා අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මෙය ප‍්‍රකාශ කළේ.  මාතලේ රෝහල් භූමියෙන් මෙම සමූහ මිනීවල සොයා ගැනුනේ ජීව වායු ඒකකයක් ඉදිකිරීම සඳහා සිදුකළ කැණීම් වලදියි. ඉකුත් වසරේ නොවැම්බර් 23 වැනිදා ආරම්භ වූ එම කැණීම්වලින් පසුව මිනිස් ඇටසැකිලි 154 ක අස්ථි කොටස් වරින් වර හමුවුණා.

අදාළ අස්ථි කොටස් සහ වෙනත් ද්‍රව්‍ය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කෙරුනේ මෙය කිසියම් අපරාධ සිදුවීම් දාමයක් හා සම්බන්ධ බවට සැක පළවීමත් සමගයි. ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් පරීක්ෂනයක් සිදුකළා. ඔවුන්ට පැවරී තිබුණේ මෙම අස්ථි කොටස් සහ අනෙකුත් ද්‍රව්‍ය කුමන කාලසීමාවකට අයත්ද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමයි.

ඒ අනුවයි ඔවුන් විසින් එම පරීක්ෂණ සිදුකොට වාර්තාවක් ඊයේ දිනයේදී උසාවියට ඉදිරිපත් කෙරුණේ. ඒ අනුව වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීම සඳහා ලබන මස 8 වැනිදා දක්වා වැඩිදුර විභාගය කල්තබනු ලැබුවා.



Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us