ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඊයේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා..
ඒ බත්තරමුල්ල දියවන්නා මාර්ගයේ, කෝට්ටේ දියත උද්‍යානය ඉදිරිපිට ඉදිකළ කෙසෙල් කොලයක හැඩය ගත් බස් නවතුම් පොළ සම්බන්ධයෙන්..රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ අදාළ බස් නැවතුම්පොළ ඉදිකිරීම සඳහා අසාමාන්‍ය ලෙස රුපියල් ලක්ෂ 31ක මුදලක් වැයකර ඇති බවයි..
එහෙත් එම බස් නැවතුම්පොළ රුපියල් ලක්ෂ පහමාරක මුදලකින් ඉදිකළ හැකි බවට කොන්ත්‍රාත් සමාගම් ප්‍රකාශ කර ඇති බවයි රවී කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකයක් පවතින බැවින් අල්ලස් කොමිසමට පැමිණිලි කළ බවයි කරුණානායක මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ..
එම චෝදනා වලට අනුව එය 2012 වසරේදී ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතා යටතේ තිබෙන රාජ්‍ය ඉංජිනේරු අමාත්‍යාංශය විසින් ඉදිකර තිබෙනවා..
ලක්ෂ 31ක් වැයවූ බව කියන එම බස් නැවතුම පහතින්.