පළමු වන ෆ්රන්සිස්කු...
නව ශුද්ධෝත්තම පියතුමා ලෙස ආර්ජන්ටිනාවේ ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ හිමිපාණෝ තේරී පත් වූහ..
උන්වහන්සේගේ තේරීපත්වීම නිවේදනය කරමින් වතිකානයේ සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් පිටවූයේ ශාන්ත පීතර දේවස්ථානය අසලට රැස්ව සිටි දහස් සංඛ්‍යාත රෝමානු කතෝලික බැතිමතුන් ප්රමෝදයට පත් කරමිනි..
වතිකානයේ සිස්ටීන් දේවස්ථානයට රැස් වූ කාදිනල් හිමිවරු 115 දෙනා නව පාප් වහන්සේ තෝරා ගැනීමට දෙදිනක් පුරා පස් වතාවක් ඡන්දය භාවිත කළහ.
ඒ අනුව තේරිපත් වූ නව ආර්ජන්ටිනාවේ කාදිනල් ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ හිමිපාණන් මෙතැන් පටන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නමින් හඳුන්වනු ඇති.76 හැවිරිදි ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ හිමි නම ලතින් අමෙරිකාවෙන් පාප් ධුරයට තේරීපත් වූ පළමු ශුද්ධෝත්තම පියතුමන් ද වේ.