භාරත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටිමින් නවලෝක රෝහලේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැක තිඛෙන බව
පැමිණිළි පාර්ශ්වය දන්වා සිටීම නිසා ඒ පිළිබදව සොයා බලා අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගෙන් වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සදුන් විතාන මහතා බන්ධනාගර අධිකාරීවරයාට අද (14) නියෝග කළා.
මෙම නඩුව කැඳවු අවස්ථාවේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් ලෙස 114 දෙනෙකුද නඩු භාණ්ඩ 139ක්ද ඇති බවත් අධිකරණයට දන්වා සිටියා.
අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණයට දන්වා සිටියේ දුමින්දගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව නොයෙක් වෛද්‍ය වාර්තා ඉදිරිපත් වුවද ඒවා ලංකාවේ අධිකරණ වෛද්‍යවරයෙකුගෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඔය කියන තරමට ඔහුට අසනීපද යන්න සැක බවත්ය.
එම අවස්ථාවේ දුමින්ද වෙනුවෙන් පෙනී සිටි නීතීඥ්‍ය හේමන්ත වර්ණකුලසුරිය කිව්වේ මීට පෙර සිංගප්පූරුවේ පිළිගත් වෛද්‍යවරුන්ගේ හා ලංකාවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ අත්සන් ඇතිව දුමින්දගේ සෞඛ්‍ය වර්තා ඉදිරිපත් කර ඇති බවත් ඔහුට බරපතල ගණයේ සැත්කම් කිහිපයක් සිදුකර ඇති බව ඒවායින් තහවුරු වී ඇති බවත්ය.
නමුත් මෙම සැකය නිවැරදි කිරීමට අවශ්‍ය බව කීම නිසා ඒ පිළිබදව සොයා බලා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට දුමින්දව පරීක්ෂා කර වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම නඩුව ලබන 28 වැනිදා යළි විභායට ගැනීමට නියම කළ අතර දුමින්ද ඇතුළු සැකකරුවන් දස දෙනෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයට නියම කළා.