ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගිය දිනෙක මාධ්‍යය ඉදිරියේ විනය විරෝධීව හැසිරීමෙන් පසු ඒ සිද්ධිය ගැන විමර්ශනයට ක්‍රිකට් ආයතනය මගින් ත්‍රී පුද්ගල කමිටුවක් පත් කරනු ලැබුවා.
කමිටුව ඉදිරියේ සිද්ධිය ගැන අදහස් පළකිරීමට මාලිංගට කැඳවීම් ලැබී තිබුනේ ඊයේ දිනයේය..
වෙනදා මෙන් මාධ්‍ය කැමරා ශිල්පීන් ඊයේ දිනයේත් ඔහුගේ පැමිණීම වාර්තා කිරීමට ගොස් තිබුණ අතර ආයතනයට ඇතුළුවන අවස්ථාවේ වාහනයෙන් බැසගත් මාලිංග සන් ග්ලාස් දාගෙන බීම බෝතලයක් බොමින් කිසිවෙකු නොදුටු ගාණට එතැනින් ගමන් කළා...
අනතුරුව ඔහු කටයුත්ත නිමවා නැවත වාහනයට එද්දී අදවත් හොඳින් කථාකරාවිද යන සැකයෙන් මාධ්‍ය වේදියෙක් ඔහු අසළට ගොස් පරීක්ෂණේට මොකක්ද වුනේ? යනුවෙන් ඇසුවත් මාලිංග එයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වූයේ නැත. සන්ග්ලාස් පැළඳ කිසිවක් නොදුටු හා නෑසුණු ගාණට සිටි ඔහු වාහනයට නැගගෙන එතැනින් පිටත්ව ගියා.
මෙම අවස්ථාවේ ස්වර්ණවාහිනී වීඩියෝව පහතින්
මාලිංගට එරෙහි ෆේස් බුක් රැල්ලක් ..
මාලිංගගේ අලුත්ම යෝකර් එක..