Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි !

එළැඹෙන 18 වැනි දා විවෘත වීමට නියමිත මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත ඊයේ (14) පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී අකරතැබ්බකට මුහුණදී ඇතැයි වාර්තාවේ.

පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් ගුවන්යානයේ ඉදිරිපස ගැටී ඇති අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේවුවද සිදුවීමට ගිය අනතුර වලක්වා ගැනීමට ගුවන් නියමුවා සමත්ව ඇත.
නිරන්තරයෙන් සතුන් ගැවසෙන අභය භූමි ප්‍රදේශයක පිහිටි මත්තල ගුවන් තොටුපලට ගුවන් යානා බැස්සවිමේදී හා නැග්ගවිමේදී මෙවැනි අනතුරු වලට ඉලක්කවිමේ අවධානමක් පවතින බව 'ශ්‍රී ලන්කන්'ගුවන් සමාගමේ ප්‍රධානියකු අපවෙත පැවසිය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත් වූ 187 දරන ඒ-330 එයාර් බස් යානය සාර්ථකව පියාසර කර විනාඩි 25ක කාලයක දී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය.

ලංකාව නිතරම භාවිතා කරන්නේ ලෝකයේ නවීනතම ගුවන් යානා නොවීමද සැලකිල්ලට ගත යුතුය.
නියමුවාගේ දක්ෂතාවයෙන් අනතුර මග හරවා ගනියි

මේ අතර මත්තල ගුවන් තොටුපලට යන මාර්ගයේදී වන අලියකුගේ පහරදීමෙන් පෙරේදා (13) පුද්ගලයකු ජිවිතක්ෂයට පත්වූ අතර, ඒ හේතුවෙන් ගුවන් තොටුපල වටා 'අලි' වැටක් ඉඳි කිරීමට බලධාරීන් තීරණය කර ඇත. එහෙත් පියාඹන කුරුල්ලන්ගෙන් ගුවන් යානා වලට වියහැකි අනතුරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැත.

ගුවන් තොටුපළ ඉදිකර ඇත්තේ කුරුළු සහ වනජීවී අභය භූමියක
ගුවන් තොටුපළ නිසා අභය භූමියේ සතුන් තැතිගෙන
ගුවන් තොටුපොළට මේ වන තෙක් අන්තර්ජාතික ආරක්ෂණ ප්‍රමිති සහතිකය ලැබී නැහැ

ගුවන් යානයක් ගුවන් ගත කරද්දී කුරුළු අනතුරකට මුහුණ දෙන අවස්ථාවක වීඩියෝ පටයක්.



රුපියල් 2999ට කටුනායක සිට මත්තලට යන්න...


කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන්සේවයක් ඇරඹීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම  තීරණය කර ඇත..මෙමගින් ශ‍්‍රී ලාංකික ජනතාවට ගුවන් ගමනක ආශ්වාදය සමගින්  අත්දැකීම විඳගන්නට අවස්ථාව ලැබෙන බව එම ගුවන්සේවය කියයි.

ගුවනේ සිට දර්ශනීය ස්ථාන නරඹමින් ගුවන්යානය ගමන් කරන බවද කියයි.
කටුනායක සිට මත්තලට යාමට සහ ඒමට පිරිමැසුම් පන්තිය සඳහා ගුුවන්ගමන් ගාස්තුව රුපියල් හාරදාස් නමසිය අනූනමයක් වන අතර එක් මාර්ගයක් සඳහා රුපියල් දෙදාස් නවසිය අනූනමයකි.

ව්‍යාපාරික පන්තිය සඳහා යාමට සහ ඒමට ගුවන් ගමන් ගාස්තුව රුපියල් දහසය දාස් දෙසීයක් වන  අතර එක් මාර්ගයකට පමණක්  රුපියල් නමදාස් පන්සීයකි.මෙම පහසුකම මැයි 31 වෙනිදා තෙක් පමණක් බවද එම ගුවන් සමාගම කියයි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us