තිනර් හා සුවඳ විලවුන් ගෙන්වන මුවාවෙන්
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද එතනෝල් ස්ප‍්‍රීතු ලීටර හැටදෙදහසක් පමණ අඩංගු කන්ටේනර් දෙකක් තොටළඟ ප‍්‍රදේශයේදී (13) රාත‍්‍රියේ සුරාබදු ඒකකයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.
එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු පැවසුවේ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා මෙම එතනෝල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 4කට ආසන්න වන බවයි. මෙම මත්පැන් ස්ප්‍රීතු වියට්නාමයේ සිට ගෙන එන ලද ඒවා බවට වාර්තා වේ.
එම එතනෝල් තොගය භාවිත කර මත්පැන් නිෂ්පාදනය කළහොත් ඉන් මත්පැන් බෝතල් ලක්ෂ 2ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා කියා සිටියේය.
තීන්ත නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු බව පවසමින් මෙම එතනෝල් තොගය අඩංගු ස්ප‍්‍රීතු කන්ටේනර දෙක වරායෙන් පිටතට ගැනීමට උත්සාහ කර තිබේ.
ආණ්ඩුවේ දේශපාලනඥයකු සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකුගේ සොයුරකු විසින් මෙම එතනෝල් තොගය ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇති බවට සුරාබදු නිලධාරීන් සැකපළ කරයි.
ආණ්ඩුවෙන් ලැබුන විශේෂ බලපත් යටතේ ඉස්කාගාර පවත්වාගෙන යන ආණ්ඩුවේ මැති ඇමතිවරු කිහිපදෙනෙකු පසුගිය කාලය පුරාම තීන්ත නිෂ්පාදනය, සුවද විලවුන් නිෂ්පාදනය සඳහා යයි කියමින් ව්‍යාපාරිකයින් හරහා මත්පැන් නිෂ්පාදනයට එතනෝල් ස්ප‍්‍රීතු කන්ටේනර් ගණනින් ගෙන්වා ඇතැයි ද වාර්තාවේ.
අප කල සොයා බැලීම් වලදී හෙළි වුයේ මෙම එතනෝල් ස්පී‍්‍රතු සුරාබදු දෙපාර්තමේන්තුවට හා රේගුවෙන්අත්අඩංගුවට ගත් විට අරුන්දික පරානාඩු විසින් විවිධ මන්ත්‍රීන්ගේ නම් සඳහන් කරමින් තම පුද්ගලික රහස්‍ය අංකය සහිත දුරකතනයෙන් කතාකොට එම නිලධාරීන් බිය ගන්වා එතනෝල් ස්ප්‍රිතු නිදහස් කරගැනීමට ඔහු මෙතෙක් කල් සමත්විය.
බැසිල් රාජපක්ෂ, මර්වින් සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ නම් වැඩි වශයෙන් මෙලෙස බිය වැද්දීම් වලට යොදාගෙන ඇත.