මස්කෙළි කොල්ලෝ සිංහ පාදය වනසති
මස්කෙළිය ප්‍රදේශයේ දෙමළ විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුහු තිදෙනෙක් ද්‍රවිඩ භාෂාවෙන් තම නම් සීගිරිය සිංහපාදයේ කෙටීයැයි සීගිරි පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සදහා ඊයේ (15) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මස්කෙළියේ සිට ආ බව කියන මොවුන් අතර සිටි සිසුන් මෙන්ම සිසුවියන්ද කළුගල් හා ගඩොල් උපයෝගී කරගෙන නම් 25ක් කට වඩා සිංහපාදයේ ඇද ඇත .
උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන බව කියන සිසුන් තිදෙනෙකු ඔවුන්ගේ නම් සිංහපාදය මත ලියා ඇති අතර සැකකාර සිසුන් තිදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිංහපාදයට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම හානිය මෙය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු චන්දන වීරසිංහ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට පුරාවිද්‍යා අධ්යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක මහතා තීරණය කර ඇත. මේ සිද්ධිය දැනගැනීමත් සමග තමන්ගේ හද කම්පා වූ බව දිසානායක මහතා ප්‍රකාශ කළේය පොලීසියට තමන් දුරකතනයෙන් කතා කර පරීක්ෂණයක් පවත්වන ලෙසද ඉල්ලා සිටි බව කියා සිටියේය.
මාධ්‍යවේදීන් පිරිසක් මෙම සිද්ධිය ජායාරූප ගත කර ඇති අතර එම ජායාරූප මකා දැමීමට ගුරුවරුන් හා පොලීසිය ගත් උත්සාහය අසාර්ථක වී ඇත .