රාත්රියේදී හොරෙන් රේස් පදීන ලංකාවේ රේසින් කාර්..
අතීතයේ අපට අසන්නට ලැබුනේ "වැන් රියක ගැටීමෙන් පුද්ගලයෙක් ජිවිතක්ෂයට" වැනි පුවත් සිරස්තලය..
නමුත් දිනෙන් දින ශ්‍රීලංකාව දියුණු වෙමින් පවතී..බදු සහනත් සමග නවීනතම රේසින් කාර් ලංකාව ආක්‍රමණය කර තිබේ.
ඔබට හෙට දිනයේදී අසන්නට ලැබෙන්නේ "ලම්බෝගිනි රථයක ගැටීමෙන් පුද්ගලයෙකුට අසාධ්‍යයි" යන්න දුටුවහොත් පුදුම නොවන්න. මන්ද දැනටමත් එය ලංකාවේ සිදුවන බැවිනි.
පසුගිය දෙවනදා ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථයකින් කොළඹ ඩුප්ලිකේෂන් පාරේදී මධ්‍යම රාත්රියේදී පුද්ගලයෙකු යටකර පලා ගොස් ඇත. එම පුද්ගලයා මේවනවිට කොළොඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
අප කල සොයා බැලීමකදී හෙලිවුයේ ලැම්බොගිනි මෝටර් රථය තනිව පැමිණි මෝටර් රථයක් නොවන බවයි. එය තවත් Maserati වර්ගයේ රේසින් කාරයක් සමග තරඟයට පැමිණ ඇත. මෙම මෝටර් රථ දෙක වැල්ලවත්ත දෙසට තරඟයට පැමිණීමේදී ලම්බෝගිනි කාරයට පෙර කී පුද්ගලයා හසුවී ඇත.
ඉන් අනතුරට ලක් වූ පුද්ගලයා ‘ලංකා හොස්පිටල්’ ඇතුලත් කර ඇති අතර..පොලිසිය විසින් අදාළ මෝටර් රථ දෙක හදුනාගෙන ඇතත් ඒවා ධාවනය කල පුද්ගලයන් දෙදෙනා පිලිබඳ හෙළිකිරීමෙන් වැලකි සිටිනවා.
එමෙන්ම අනතුර සිදුවූ ප්‍රදේශයේ සී. සී. ටී. වී දර්ශනද අවාසනාවකට මෙන් අපැහැදිලි වී තිබෙනවා.
එම ධාවනයේ යෙදුනු මෝටර් රථවලින් එක් මෝටර් රථයක වටිනාකම රුපියල් මිලියන 120 ත් 175 ත් අතර වන බව වාර්තා වනවා.
පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන Maserati වර්ගයේ මෝටර් රථයකි